IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමැති ගම්ලත්ගේ නිවස ඉදිරිපිට පාංශකූලය දෙයි

(චාපා මධුභාෂිණී)

වත්මන් රජය ගොවියාගේ මළගම සිදු කරන බව පවසමින් ගොවීහු පිරිසක් අද(29 )  උදෑසන සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා පාංශකූලය ලබා දීම සිදු කළහ.

පසුගිය 26 වන දින පොලොන්නරුව ගොවි ව්‍යාපාරයන් 4ට අයත් ගොවීන් ඒක්ව අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ඇරඹූ අඛන්ඩ උපවාසය සිව්වන දිනටත් පැවති අතර එයට සහය දක්වමින් ගිරිතලේ චන්දන පොකුණ ගොවීහූ මිනී පෙට්ටියක් රැගෙන විරෝධතා පාගමනින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණි මෙලෙස පාංශකූලය ලබා දීම සිදු කළහ.

විරෝධතාවයට ගොවීන් 200 කට අධික පිරිසක් එක්ව සිටියහ.  

පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර වගාවෙන් සිය අස්වනු අඩු වූ බවත් මෙවර යල කන්නයේදී හෝ වගාවට අවශ්‍ය රසායනික පොහොර වෙළදපොලෙන් හෝ මිලට ගැනීමට මුදල් ලබා දෙන ලෙසද ඔවුහු කියා සිටියහ.

තවද සිය වගා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළද මේවනතුරුත් ඒය ලබා දීමට අපොහොසත් වීම යන කරුණු ගණනාවක් මුල් කරගනිමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

මෙහිදී ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු ආරම්භ කළ අඛන්ඩ උපවාසය දිගටම සිදුකරගෙන යන බව විරෝධතාවයේ නිරතවූවෝ කීහ.

 



අදහස් (2)

ඇමැති ගම්ලත්ගේ නිවස ඉදිරිපිට පාංශකූලය දෙයි

sharm warn Friday, 29 April 2022 02:03 PM

ගෞරවනීය ගොවි මහත්වරුනි, ඔබේ අවදිවීම ගැන අපි සතුටු වන්නෙමු. මොකද ඔබ වෙනුවෙන් අපි පාරට බැස්සත්, ඔබ කුඹුරට බැහැපු නිසා අපේ හඬ යටපත් වුණා..

:       6       21

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 April 2022 03:43 PM

රටේ ජනතාව එකාවන්ව දූෂිත පවුල් පාලනයට හා හොර මැරකම්වලට එරෙහිව පාරට බැසීමට තරම්, එඩිතරවීම ගැන එම ජනතාවට අපගේ ප්‍රණාමය...!!! සැබෑ සාමකාමී අරගලයට ජයවේවා...!!!

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 719 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site