IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමැතිවරු දේශපාලන සූදුවේ: ලක්ෂ 45 ක් ජීවන සටනේ

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අවස්ථාවේ ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (28)පැවසීය.

ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා  මේ බව පැවසීය.

ඇස් බැන්දුම් චක්‍රලේඛන හරහා සෙල්ලම් කිරීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකවරයා  ජනතාව ජීවිතය සහ මරණය අතර අර්බුදයක සිටින බවද පැවසීය.

දේශපාලකයින්ට, කෝටිපතියන්ට, වංචාකාරයින්ට නැති නීතිය රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බවත් ඔහු පැවසීය.

මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල රටේ ක්‍රියාත්මක විය යුතු බවත්, අන්ත ලිබරල්වාදය මේ වනවිට ලෝකයෙන්ම ප්‍රතිකේෂේප වන බවත් විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවසීය.

මෙම  අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ද එක්ව සිටියේය.



අදහස් (9)

ඇමැතිවරු දේශපාලන සූදුවේ: ලක්ෂ 45 ක් ජීවන සටනේ

ආරියාව Thursday, 28 July 2022 06:49 PM

ලෝකයේ පවතින උද්ධමනය හේතුවෙන් ධනවත් රටවල් පවා අද තියෙන්නේ අසීරු තත්ත්වයක.

:       19       17

randilFriday, 29 July 2022 08:30 AM

බඩට කන්න නැතත්... කඩේ යන එක ඇරලා නැහැ. අනිත් රටවල් නෙමෙයි මේක විනාශ කළේ රාජපක්ෂලා... ඒකවත් තේරුම් ගන්න.

:       1       3

BamunuarachchiFriday, 29 July 2022 03:04 PM

ඒ කාලේ ජෙප්පන් කිව්වේ එහෙම තමයි දැන් ජෙප්පෝ කියන්නේ 1977 සිට වෙච්චි වැරැදි කියලා....!

:       1       1

Ruhunu Thursday, 28 July 2022 07:09 PM

සජිත් මහත්තයා මනාප සටනේ

:       9       18

senaThursday, 28 July 2022 10:00 PM

ඩලස් නිසා සජිත්ගේ විපක්ෂ නායක තනතුර අනතුරකද?

:       0       0

soma Thursday, 28 July 2022 07:53 PM

ඔබතුමා නම් කිසි දිනෙක දේශපාලන සූදුවේ නැති බව බැලූ බැල්මටම පේනවා. අනේද කියන්නෙ... !

:       0       0

දාස Friday, 29 July 2022 05:12 AM

කියව කියවා ඉන්නේ නැතිව මේ අය එළවන්න කටයුතු කරන්න... අර SF වගේ...

:       0       0

ත්‍රස්ත මාෂල් Friday, 29 July 2022 08:42 AM

සල්ලි අච්චු ගහපු මැෂිමක් කතා කරයි.

:       0       1

Raj Mendis Friday, 29 July 2022 12:37 PM

එහෙම කිව්වට මෙයා කරන්නෙත් ඒ දේමනේ. ආණ්ඩුව ගන්න කිව්වට ගන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site