IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට

(රෝෂන් තුෂාර)

සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාරයට රැගෙන ගියේය.

හිටපු අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනෙකු හා බෑනා යන සැකකරුවන් තිදෙනෙකු අල්ලස් කොමිස මම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය.

අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් ඇප තැන්පත් කර පිටව ගියද ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප තැන්පත් කිරීමට නොහැකිව බන්ධනාගාරගත විය.

සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබිණි.



අදහස් (6)

ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට

ලූට මූස් Thursday, 19 June 2025 08:45 PM

පපුව දැක්කාම මට ඇප දෙන්න හිතුණා අනේ...!

:       13       7

Pradeep KumaraFriday, 20 June 2025 08:48 AM

පපුව හොඳනම් ඔහොම අපරාධ කරන්නෙ නෑනේ නේද?

:       0       4

Nandalal de Silva - France Thursday, 19 June 2025 09:52 PM

දැන් එහෙනන් ඒ දැරිවිගේ පවුල කැඩුණ නෙ, වෙන් උනා නෙ ? පව් අප්පා!!!

:       0       1

කුකුල් චමින්ද Friday, 20 June 2025 12:27 AM

බන්ධනාගාරයේ ඉන්න සහෝදරියන් ඔක්කොම, මේ ගෞරවාන්විත ප්‍රභූ දියණියව හොඳට බලාගන්න ඕන. ඕගොල්ලොන්ටත් දැන් වැඩ කෝටියයි, ඉදිරියට වැඩ ප්‍රකෝටියයි !!!

:       0       2

කව්ද බෝයි Friday, 20 June 2025 12:31 AM

මට ඇප දෙන්න හිතුණා...

:       0       1

don Friday, 20 June 2025 04:17 PM

මම ඇප දෙනවා... මට දෙනවා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site