
ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඊයේ(22) සිය නිල නිවසෙන් ඉවත්ව තිබේ.
ඉන්දියානු ජනතාව තමාට ජීවත් වීම සඳහා මෙම බංගලාව වසර 19 ක කාලයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් බංගලාවෙන් ඉවත් වීමට සිදුවූයේ සත්‍ය කතා කිරීම වෙනුවෙන් ගෙවීමට සිදු වූ වන්දියක් ලෙස බවත් බංගලාවෙන් පිටවීම සඳහා සිය මෝටර් රථයට නැගීමට ප්‍රථම මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
සත්‍ය කතා කිරීම වෙනුවෙන් ඕනෑම වන්දියක් ගෙවීමට තමන් සුදානම් බවද රාහුල් ගාන්ධි පවසා තිබේ.
රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී දින දෙකක් ගතවෙත්ම ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම හේතුවෙන් 2004 වසරේදී හිමි වූ නිල බංගලාවෙන් අප්‍රේල් 22 ට ප්‍රථම ඉවත් වන ලෙස ලොක් සභා නිවාස මණ්ඩලය දැනුම් දී තිබිණ.
සාපරාධී අපහාස නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වූ බව ලොක් සභා ලේකම් කාර්යාලය පසුගිය මාර්තු මස 24 වැනිදා නිවේදනය කළේය.
රාහුල් ගාන්ධි 2004 වසරේ පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වීමෙන් පසු මේ දක්වා ඔහුගේ නිවස මෙම රජයේ බංගලාව විය.ඉකුත් සෙනසුරාදා බංගලාව හිස් කිරීමෙන් අනතුරුව යතුරු නැවතත් ලොක් සභා නිවාස මණ්ඩලය භාර දී තිබේ.
තම මව සෝනියා ගාන්ධිගේ ජන්පත් හි පිහිටි නිවසට තාවකාලිකව පදිංචියට යන බව රාහුල් ගාන්ධි පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඇත්ත කතා කරන්න බය නෑ‘
දයානන්ද Sunday, 23 April 2023 05:18 PM
ලංකාවේ වගේම තමා.. වෙනස ඇත්ත කතාකලොත් හිරේ නැත්නම් පොලව යට.... හැමදාම සත්‍යය යටපත් කරන්න බැහැ...