IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඇත්තටම ආදරේ නම් ඉන්දීය ධීවරයන් නවත්වන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව සභා නායක ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවරයන් ගැන එරට නීතිය අනුව ක්‍රියා කරන්නැයි  ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව කී බිමල් රත්නායක අමාත්‍යවරයා අදාල කාරණය ගැන තමිල්නාඩු ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කළේය.

ඉන්දීය ආණ්ඩුව ලංකාවට කොච්චර උදව් කලත් යාපනේ ජනතාවට මේ උදව්ව කරන්නේ නැත්නම් අනෙක් කාරණා සැබෑ උදව් වෙනවාද යන ප්‍රශ්නය තිබෙන බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කීය. 

උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය විනාශ කරන්න එපා යැයි ඉල්ලා සිටින්නේ යැයිද සභා නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මිනිසුන්ට උදව් කරනවා කියන්නේ ගංවතුර ආධාර බෙදීම ආදිය නොව ස්වශක්තියෙන් ජනතාවට නැගී සිටින්න ඉඩ හැදීම යැයි ද ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂය  පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා පැවසීය.



අදහස් (5)

ඇත්තටම ආදරේ නම් ඉන්දීය ධීවරයන් නවත්වන්න

Sellashami Wednesday, 05 March 2025 06:41 PM

ඩග්ලස් දේවානන්ද ධීවර ඇමැතිවරයා වෙලත් මේතරම් අගේකොට සැලකිය හැකි ඉල්ලීමක් නොකිරීමෙන් ඔවුන්ගේ තිබෙන ජාතික හැඟීම හිතාගන්න පුළුවන් නේද?

:       3       42

යෝගා Wednesday, 05 March 2025 07:21 PM

කලාපීය දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදැන බාලාංශ ඇමැතියෙක් කරන ගොබ්බ ප්‍රකාශයක්. තමිල්නාඩුවේ ඡන්ද කෝටි පහක් නැතිකරගෙන අපිට උදව් කරයිද? මෙහෙම ප්‍රශ්න බොහෝ රටවල් අතර තියෙනවා. ඒ හැමෝම කරන්නේ ගැටුමක් ඇති නොවෙන විදියට මුහුදේ ආරක්ෂාව වැඩිකරන එක...

:       57       95

බකල ජයාWednesday, 05 March 2025 07:55 PM

ඒ කියන්නෙ වෙනත් රටක මුහුදු සීමා, දේශසීමා උල්ලංඝනය කරල ඒ රටවල සම්පත් කොල්ලකන්න ඉඩදෙන්න කියල නේද? විශිෂ්ඨ කලාපීය දේශපාලන දැක්මක්. මෙන්න මොල! අවස්ථාවක් දුන්නොත් රටක් එක රැයින් ගොඩදායි.

:       20       6

Bunny Preena Thursday, 06 March 2025 09:16 AM

ලංකාවට එන චීන හෝ පකිස්තාන් නැව් ගැන කැක්කුමක් තියන ඉන්දියාව . අපි බලමු ඉන්දියාව අවන්කවම මෙම ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ කොහොමද කියලා

:       1       2

wedage Thursday, 06 March 2025 12:39 PM

ළඟදී මෝදි එනවානේ ලංකාවට එතකොට කියන්න මේ දේවල්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site