IMG-LOGO

ඇඟලුම් රැක ගන්න ජනපති ලේකම් අත ගසයි

 

(අංජුල මහික වීරරත්න)

රටට විශාල ආදායමක් ගෙන දෙන  ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඇඟලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්ෂිතතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ක්ෂේත්‍රයේ  මතුව ඇති පසුබෑම මගහරවා ගනිමින් එහි උන්නතියට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති ලේකම්වරයා පැහැදිළි කළේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු ක්ෂේත්‍රයේ කටයුතුවලට  බලපා ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.

රට මුහුණදී ඇති  අභියෝගකාරී අවස්ථාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ආරක්ෂා කර ගනිමින් එහි උන්නතියට ගත හැකි සියලු පියවර ගැනීමට කැපවන බවට ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය අංශ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූහ.

මේ සම්බන්ධයෙන් වන කඩිනම් විසඳුම් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැන්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් බව ද පැවසීය



අදහස් (3)

ඇඟලුම් රැක ගන්න ජනපති ලේකම් අත ගසයි

kamalweerasekara Saturday, 10 September 2022 01:45 PM

බලමු මොහුවත් කරයිද කියලා 69

:       0       3

himakarakasun Saturday, 10 September 2022 01:49 PM

ඒකට ඉතින් අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඕනේ

:       0       5

chandima Sunday, 11 September 2022 05:08 AM

ඒ මොකද අර ඇමතිලා මන්ත්‍රීලා ඒක කරන්න අමතර OT බටා ඉල්ලනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site