
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය.
මැතිවරණයේදී අනන්‍යතාව පැහැදිලිව තහවුරු කරගන්නා බැවින් තවදුරටත් ඇගිලි වර්ණ ගැන්වීම අනවශ්‍ය බවට මීට පෙර කාරක සභාව ලබාදී තිබූ නිර්දේශය පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.
ඇගිලි වර්ණ ගැන්වීම ඉවත් කිරීමෙන් විශාල මුදලක්, කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි වන බව මෙහිදී කරැණු සාකච්ඡා විය.
මැතිවරණ පනත සංශෝධනයට අදාළ සියලු යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇගිලි පාට කිරීම නවත්වන යෝජනාව කැබිනට්ටුව විසි කරයි
රංබොඩ Tuesday, 23 July 2024 04:15 PM
දැන්නම් තාක්ෂණය යොදාගන්න කාලය හරි. මැතිවරණ වියදම් රටට දරාගන්න බෑ...!
ජයනාත් Tuesday, 23 July 2024 04:16 PM
කල යුතු දේ නොකරන, නොකළ යුතු දේ කරන අරුම පුදුම දේශපාලකයින් ඉන්න රටක්.. කෙසේ දියුණු වෙයිද..? අපි අනෙකුත් රටවල දියුණුව ගැන කියව කියවා.. තව දුරටත් ඉන්නවාද?
Ruwan De Silva Tuesday, 23 July 2024 04:39 PM
ඔය පාට කරන එක මකන්න පුළුවන්, ඇඟිලි සලකුණු උපකරණයක් සවි කරා නම් කෝටි ගාණක් රජයට ඉතුරුයි, යුරෝපයේ වගේ...!
Hafeel Tuesday, 23 July 2024 05:40 PM
දිනපතා විගණන වාර්තාවලින් හැලිවනවා රජයේ ආයතනවල කරන හොරකම්, වංචා, දූෂණ, නාස්තිය. මේ රටේ ජනතාව වර්තමාන ජනාධිපති ඇතුළු රටින් පැනල ගිය සහ පරාජිත ජනාධිපතිලා වෙනුවෙන් කෝටි ගණන් මහජන මුදල් අනවශ්‍ය විදියට වියදම් කරනවා. නමුත් මෙතන ඇගිලි පාට කරන තීන්ත වලින් මුදල් ඉතුරු කරන එක විහිළුවක්.
-චූල පාඨක- Wednesday, 24 July 2024 06:00 AM
අර්ථවත් කතුවැකියකින් පාඨක මනස පුබුදු කළ හැකි සුදුසු නිමිත්තක් සේ දකිමි. කතුතුමණි, කාරුනික අවධානයට - තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!