IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ආහාර නිසා ඇතිවන රෝග ඉහළට

(අංජුල මහික වීරරත්න)

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට, අනෙක් අංශයෙන් ආහාර ආශ්‍රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක් බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පාර්ශ්වකරුන් අතර ආහාර සුරක්ෂිතතා වත්මන් අභියෝග, සහයෝගිතා විසදුම් මෙන්ම සුදුසුම භාවිතයන් පිළිබද අවබෝධය වැඩිදියුණු කිරීම සදහා වූ විද්වත් කථීකාවකට  එක් වෙමිනි.

එම වැඩසටහන අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, Marriot Courtyard හෝටල් පරීශ්‍රයේ පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආහාර ආශ්‍රිත රෝගාබාධ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටින බවත් සියලු දෙනාගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බව ද අමාත්‍යවරයා මෙම උත්සවයේ දී පැවසීය.



අදහස් (4)

ආහාර නිසා ඇතිවන රෝග ඉහළට

charith Friday, 14 March 2025 05:35 PM

පිටි කිරි, දියර කිරි වලින් පටන් ගන්න ඇමතිතුමා... මුලින්ම ඔන්න ඔය දේ චෙක් කරලා ජනතාව දෑනුවත් කරන්න...!

:       0       10

prasanna Friday, 14 March 2025 05:54 PM

පච නොකියා යන්න. කෑවත් ලෙඩ වෙනවා, නොකෑවත් ලෙඩ වෙනවා.

:       8       3

සිල්වා Friday, 14 March 2025 09:09 PM

විස සහිත පොල්තෙල් ගැනත් සොයා බලන්න...

:       0       13

Chamara Saturday, 15 March 2025 08:26 AM

මිනිස්සුන්ගේ ආදායමට සාපේක්ෂව ආහාර මිල අඩුකරන්න රජයට සැලසුම් තියනවා නම් වටිනවා. මොකද තුන් වේල පිරිමහගන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන් බැටකන පවුලකට පෝශ්‍යදායී ආහාර ගැන කියන එක ගඟට ඉනි කැපීමක් වගේ නිශ්ඵල දෙයක්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site