IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ආහාර ගැටළුවට මැදිහත් වෙන්නැයි කෝපා කමිටුව ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍යවල මිල අධික බැවින් රජය මැදිහත්වී සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ හැකියාව සොයාබලන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) දැනුම් දුන්නේය.

එසේම රටේ ආහාර අර්බුදයට පිළියම් සෙවීම සඳහා සියලු අමාත්‍යාංශවල ඒකාබද්ධතාවයෙන් ආහාර සුරක්ෂිතතා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටද එම කාරක සභාව නිර්දේශ කර ඇත .

ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගකිවයුතු ආයතන සියල්ල ඒකරාශි කර ගනිමින් ඉක්මන් තීන්දු තීරණ ගැනිම , ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව පසුවිපරම් කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙවැනි කමිටුවක් පිහිටු වීම ඉතා වැදගත් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

කමිටු සාමාජිකයන් මෙම කාරණය පෙන්වා දුන්නේ කෝපා කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (10 ) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

ආහාර අර්බුදය පිටුදැකීම සඳහා සාර්ක් ආහාර බැංකුව( SAARC Food Bank) සහ ලෝක ආහාර වැඩසටහනේ (World Food program) සහයෝගය ලබ‍ා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මිල පාලනය ඉවත් කිරීමෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දැරිය නොහැකි තරම් ඉහළ යෑම පිළිබඳව කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී දීර්ඝව කරුණු දක්වා ඇත .

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ලංකා සතොස සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ශ්‍රී ලංකා රජයේ වාණිජ(විවිධ) නීතිගත සංස්ථාව සහ විවිධ සේවා සමූපකාර සමිති මාර්ගයෙන් ආහාර සැපයීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

රජයේ විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස, රුසියානු සහ යුක්රේන යුද්ධය ලෝකයේ තිරිඟු නිෂ්පාදනය , බඩඉරිඟු නිෂ්පාදනය මෙන්ම පොහොර නිෂ්පාදනය අර්බුදයට ලක්වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

පොහොර අර්බුදය සහ විදේශ විනිමය සංචිත වල හිගකම සහ කෘමිනාශක භාවිතය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය අර්බුදයක් ඇතිවීම යන කරුණු හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල නිෂ්පාදනය පහත වැටී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රේගුව හා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ දත්ත සැලකිල්ලට ගෙන වෙළෙඳ අමාත්‍යාංශය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස සම්බා සහල්, නාඩු සහල්, කැකුළු සහල්, සීනි, රතු ඇට පරිප්පු, තිරිඟු පිටි(ඇට), ලොකු ළුූණු, අර්තාපල්, ටින් මාළු, කිරි පිටි, වියලි හාල්මැස්සන්, වියළි මිරිස්, කඩල, කුකුළු මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර වර්ග 16 ක් හඳුනාගනු ලැබ ඇතැයි කෝපා කමිටුව පවසයි.

මෙම වර්ෂයේදී යල කන්නයේ සහ මහ කන්නයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රමාණය සහ රටෙහි අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණය පිළිබඳව නිලධාරීහු මෙහි දී කරුණු දැක්වූහ.

 



අදහස් (0)

ආහාර ගැටළුවට මැදිහත් වෙන්නැයි කෝපා කමිටුව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 213 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 223 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site