IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි

(අංජුල මහික වීරරත්න)

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

රජයේ  විධිමත් මූල්‍ය කළමනාකරණය නිසා විදේශ ආයෝජනයන්හි  වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බවද ආසියා සංවර්ධන බැංකු නිලධාරීන් සඳහන් කර ඇත.

ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා  පිළිබඳව  මෙහිදී සාකච්ඡා කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

සෘජු ආයෝජන අවස්ථා සහ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය ප්‍රධානී  ටකියෝ කොයිකේ ( Takeo Koike), ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ තකෆුමි කඩෝනෝ (Takafumi Kadono) , ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ   සන්තෝෂ් පොකරෙල් ( Santhosh Pokharel),  මුදල් අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපත්තුව යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි

ලලිත් පුෂ්පකුමාර Tuesday, 26 November 2024 04:56 PM

රටට හිතකර ජාත්‍යන්තර සම්බන්ධතා ගැන රනිල් රාජපක්ෂ අනුරගෙන් ඉගෙන ගන්න

:       0       1

සෙනෙවිරත්න Tuesday, 26 November 2024 05:50 PM

මේ මොනවත් රජයේ ධනාත්මක හැසිරීම අදාළ නැහැ, කෝ අයි එම් එෆ් ගිවිසුම ඉරා දානවාද? සහන දෙනවාද? අන්න ලක්ෂ දෙසිය විස්සක් අසහනේලු...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site