IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආවා නායකයා කොළඹ ඇවිත් මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යාපනය ඇතුළු උතුරු පළාති භිතියට පත් කරමින් විවිධ අපරාධ කරමින් කප්ම් ගැනීම් මනුෂ්‍ය ඝාතන සිදු කළබව කියන ආවා කල්ලි නායක ප්‍රභාකරන් කොයුසිකන් නොහොත් ප්‍රභා නැමැත්තා ගල්කිස්ස යශෝරාපුර දෙමහල් නිවසක උඩුමහලේ සැඟව සිටියදී අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 300 ක් ද සොයාගෙන ඇත.

ආවා කල්ලියේ ලාංඡනය ඇතුළත් පත්‍රිකාවක් ද සොයගෙන ඇත.

සැකකරු තෙල්පලෛයි පොලිස් වසමේ නීලියම් බනෙයි, පිල්ලෙයාර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 25 හැවිරිදි පුද්ගලයකු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

සැකකරු ආවා කල්ලිය තුළ කොයින්සි තම්පා යන සංකේත නාමයෙන් හඳුන්වන අතර සංකේත අංකය 001 බව පොලිසිය කියයි.

 



අදහස් (2)

ආවා නායකයා කොළඹ ඇවිත් මාට්ටු

Bamunuarachchi Monday, 05 February 2024 06:26 AM

ෂුවර්ද අවා කල්ලි නායකයා කියලා. ඔය විදිහට චේගුවේරා කල්ලි කාරයෝ ටික අල්ලන්න බැරිද?

:       0       2

Jay chandra Monday, 05 February 2024 11:32 AM

කරුණාකර විශාරද උපදෙස් දී යහමගට ගන්න. අර සමාජයට හඳුන්වා දෙන්න තවද පැහැදිලිව කියාදන්න ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අති විශේෂයෙන් ග්‍රාම ආරක්‍ෂක බලකාය අප උතුම් මව්බිම විනය ආරක්‍ෂා කරන ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුර විශේෂයන් STF...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site