(රංජන් කස්තුරි)
උපයනවිට බද්ද අඩුකරන්නැයි කුමනාකාර ඉල්ලීම් ආවද ඒවා ඉටුකළ නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු පිළිවෙළක් තිබෙන බව ද අවධිමත් ලෙස බදු අඩුකළ නොහැකි බව ද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීය.
ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලෝක සම්මත බැංකුමූල ධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් එම ආයතනය සමග ගිවිසුම් ගතවීමේදී පිළිවෙළක් තිබෙනවා. උපයනවිට බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළත් අවිධිමත් ලෙස බදු අඩුකිරීමට හැකියාවක් නැහැ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආවට ගියාට බදු අඩුකරන්න බැහැ
Sam Tuesday, 25 April 2023 07:02 PM
මේ රට විනාශ කළ සහ බංකොලොත් කළ දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අයථා ඉපැයීම් එසේම සිදු වෙද්දී තම වියදම් හා ගෙවීම් සඳහා මාසයක් මහන්සි වී වැඩකරන ජනතාව ලබන වැටුපෙන් කොටසක් බදු ලෙස මංකොල්ල කෑම ඉතාම වැරදියි .වැටුප කියන්නේ ලාබයක් නෙමෙයි. තම වියදම් හා ගෙවීම් සඳහා ලැබෙන මුදලක් පමණයි
LGPJ Wednesday, 26 April 2023 07:03 AM
බදු වැඩිකරනව විතරයි.
Rohana Wednesday, 26 April 2023 08:09 AM
පසුගියකාලෙ මහ බැකුව මහ දවල් මංකොල්ල කෑව කියල රනිල්ට චෝදනාකල බන්දුලද දැන් මෙහෙම කියන්නෙ. දැන් රනිල් ජනාධිපතිනෙ. ඔහුට විරුද්ධව කට හොලවන්නෙම නෑ.