IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආර්.එම්. පාර්ක් - ෂෙල් ජූනි මස වැඩ අරඹයි

(යොහාන් භාසුර)

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගම ලබන මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වී ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සමාගමේ තාක්ෂණික නිලධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ කළ සංචාරයේදී නිරික්ෂණය කළ නැව් ගොඩබැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් එම සමාගමේ මුල්‍ය ආයෝජනය හරහා මැයි මාසය තුළ නවීකරණය කිරීමට ද සහය පළ කළ බව ද අමාත්‍යවරයා කීය.

ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් පැවැති අතර එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යය පවසයි.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වූහ.

 



අදහස් (1)

ආර්.එම්. පාර්ක් - ෂෙල් ජූනි මස වැඩ අරඹයි

Bamunuarachchi Thursday, 27 April 2023 06:55 AM

බාගෙන කන වල ඉහගෙන කන්න ගිහිල්ලා ඛනිජ තෙල් සංස්ථාව කාගත්ත හැටි. දැන් තවටික දවසකින් තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වෙලා රටත් කාගෙන ස්වාභාවික මරණයට යාවි. අපිට අහන්න තිබෙන්නේ දැන් සංස්ථාවට සැපද කියලා ?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site