
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ අයිතිය අභියෝගයට ලක් කර ඇතැයි ඇම්නෙස්ටි සංවිධානය පවසයි. අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ හිඟය ආර් ථික අර් බුදය උග්‍ර වීමත් සමඟ බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි ඇම්නෙස්ටි සංවිධානය පෙන්වා දී තිබේ.
'අපි සම්පූර් ණ කඩා වැටීමක් අභියස' නමින් ආර් ථික අර් බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් කඩ වීම පිළිබඳ නිකුත් කළ නවතම වාර් තාවේ මෙසේ සඳහන් වී තිබේ.එන්නත් මගින් රෝගීන්ට ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ්, ප්‍රතිජීවක ඖෂධ, ඉන්සියුලින් සහ ළමයින් සඳහා අවශ්‍ය ප්‍රමාණවල වෛද්‍ය උපකරණ වල හිඟයක් තිබෙන බව ඉකුත් ජූනි මස ළමා ශල්‍ය වෛද්‍යවරයෙක් ඇම්නෙස්ටි සංවිධානයට ප්‍රකාශ කළ බව එම වාර් තාවේ දැක්වේ.
රජයේ රෝහල් වල ඇතැම් ඖෂධ තොග නොමැති වීම හේතුවෙන් රෝගියෙකු ඇතුළත් වන විට පුද්ගලික ඔසුසලකින් එම ඖෂධ රැගෙන ඒමට පවසන බවත් එසේ රැගෙන ඒමට මුදල් නොමැති රෝගීන් ආපසු හැරී යන බවත් වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළ බව එම වාර් තාවේ සඳහන් වේ.
ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වේලාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බව එම වාර් තාව පෙන්වා දෙයි.
ඉන්ධන හිඟය ප්‍රවාහනයට බාධා පමුණුවා ඇති අතර ප්‍රවාහනය ලබා ගත හැකි අවස්ථා වල ප්‍රවාහන ගාස්තු ඉතා මිලෙන් අධික වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට බාධා එල්ල වී ඇතැයි එම වාර් තාවේ දැක්වේ.වතුකරයේ දමිළ ජනතාවට මෙම ගැටළුව දැඩිව බලපාන බව ඇම්නෙස්ටි සංවිධානය නිකුත් කළ වාර් තාවේ දැක්වේ.
ආර් ථික අර් බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමේ අයිතියද අභියෝගයට ලක්ව ඇතැයි එම වාර් තාවේ සඳහන් වේ. ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම, ජීවනෝපායන් අහිමි වීම සහ ලැබෙන අදායම අඩුවීම හේතුවෙන් ප්‍රමාණවත් හා පෝෂ්‍යදායි ආහාර වේලක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඇති හැකියාව අවහිර වී හෝ ආහාර වියදම් වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කිරීමට සිදුව ඇතැයි ඇම්නෙස්ටි සංවිධානය පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික අර්බුදය ජනයාගේ සෞඛ්‍ය අයිතිය අභියෝගයට ලක් කරලා