IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආර්ථිකය හදන්න නම් ලංකාව ලෝකයට විවෘත විය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ආර්ථික ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වූ අතර,  ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව  සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා  මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  



අදහස් (5)

ආර්ථිකය හදන්න නම් ලංකාව ලෝකයට විවෘත විය යුතුයි

Aravinda Monarawila Friday, 14 July 2023 01:40 PM

ලංකාව ලෝකයට විවෘත කරන්න කළින් බලයේ ඉන්න හොරු රංචුව පන්නා දමන අයට නිසි දඬුවම් දිය යුතුමයි...

:       0       6

Deepal Nirosh Friday, 14 July 2023 03:12 PM

ඉතින් ලංකාව ලෝකෙට 1977 දි විවෘත කරේ තමුන්ගෙ මාම නෙව. දැන් අවුරුදු 40ක් තිස්සේ තාම හැදිල නැද්ද? නැතිනම් හැදුන මදිද? හැබැයි ඒ අවුරුදු 40 පුරාවට හොඳ හොරු ටිකක් නොවෙයි ගොඩක් හැදුණා. ඒත් මදි වෙලාද මේ තව විවෘත කරන්න කතා කරන්නෙ. දැන් තියෙන්නෙ ඉතින් ඇඳුම් උනා දාන්න විතරයි.

:       0       3

ගමේ එකාලා Friday, 14 July 2023 03:17 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,ලෝකෙටම හිගාකන ජාතියක් බවට පත්කරලා,මහ බැන්කුවත් හොරාකාලා තියෙන්නේ ? එහෙව් එකේ තව මොන කතාද?

:       0       3

Rupasena Liyanapathirana Friday, 14 July 2023 03:25 PM

ඉන්දියාව වගේ ගොඩනැගිය යුතුයි...

:       0       0

Bamunuarachchi Friday, 14 July 2023 04:10 PM

මාමා නියාමනයක් නැතුව ලෝකෙට විවෘත කරලා තමයි ලෝකෙම තිබෙන ප්ලාස්ටික් තොරොම්බල් බඩු ලංකාවට ආවේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site