
(අංජුල මහික වීරරත්න)
පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතේ නැතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
වසර දහස් ගණනක් පැරණි උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිවක් කරන්නට ආණ්ඩුව සූදානම් නැතැයිද ජයකොඩි මහතා කීය.
ආයුර්වේද පනත් කෙටුම්පත කඩිනමින් කළ සංශෝධනයක් නොවන බවත් දැනට වර්ෂ එකහමාරක සිට දීර්ඝ පුළුල් සාකච්ඡාවක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය.
ආයුර්වේද පනත 1961 අංක 31 යටතේ ස්ථාපිත දැනට වර්ෂ 62 කට පෙර පාර්ලිමේන්තුවේ අනුමත කළ පනතක් බවද මෙය දීර්ඝ කාලයක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ සමස්ථ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංවාදයට ලක් කරමින් අලුත් පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුකළ බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේද පනත ගැන ඇමතිගෙන් සහතිකයක්