IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රමිතියෙන් යුතු උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශවන ජනතාවට එමඟින් වඩාත් විශ්වාසදායක අයුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ  සිදු කළ කරුණු  විමර්ශනය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. 

මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ සියලුම අංශ නිරීක්ෂණයට ලක් කරමින් නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලූ අතර, එහිදී යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව, නව නිෂ්පාදන යන්ත්‍ර මිලදී ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා සුර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම අවශ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීම් ආදී කරුණු පිළිබඳ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද සොයා බැලුවේය.



අදහස් (2)

ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි

Neel Friday, 17 January 2025 03:02 PM

ඉතාමත්ම අත්‍යාවශ්‍ය කාලෝචිත තීන්දුවක්. හැමතැනම ආයුර්වේද බේත් තෙල්...!

:       0       9

දිමුත් Friday, 17 January 2025 03:08 PM

ඕකේ වෙළෙඳසැල හවස 4ට කලින් වහනවා. පුළුවන් නම් තව ටික වේලාවක් විවෘතව තබන්න...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජ‘පුර සිසුවා පහරදුන් සිසුන්ට ඇප
2025 මැයි මස 07 9 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 378 0

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකක ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 1701 1

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි
2025 මැයි මස 07 2795 8

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය


සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
2025 මැයි මස 07 725 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත


භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
2025 මැයි මස 07 320 2

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 956 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 240 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1287 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site