(ඩයනා උදයංගනී)
කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
නව ප්‍රභේද සමග යළිත් කොවිඩ් පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
වයස අවුරුදු 60 ට වැඩි සහ විදේශගතවීමට බලාපොරොත්තු වන සියලු දෙනා මෙම හතරවැනි එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගත අතර, වයස 20ට වැඩි සියලුම දෙනාත් එය ලබාගැනීම සුදුසු බව අසේල ගුණවර්ධන මහතා කීවේය.
එන්නත් 4 ම ගැනීමෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වීම, රෝගය වැළඳුන ද දරුණු තත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු වන බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මෙම එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගත හැකි අතර, රටේ පවතින තත්වය අනුව එන්නත් ලබාදීමේ දින සීමා කිරීම හෝ නම් කරන ලද දින වල පමණක් ලබා දීම සිදු කළ හැකි බැවින් ආයතනවලින් විමසා එන්නත් ගැනීමට කටයුතු කළ යුතු බව අසේල ගුණවර්ධන මහතා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආයෙත් කොරෝනා අවදානමක්
කැළුම් Tuesday, 05 July 2022 08:56 PM
දැං එතකොට 4 වැනි මාත්‍රාවට දෙන්නෙ අර කල් පනින්න ආසන්නයි කියපු ඒවද?
ranjith Tuesday, 05 July 2022 09:20 PM
දැන් කීවතාවක් මාස් පාවිච්චි කරන්න අවශ්‍ය නැත කියලා කිව්වද? මිනිස්සු මෝඩ නැති නිසා මාස්ක් භාවිතය නතර කර නැත.
පුරවැසියා.... Tuesday, 05 July 2022 10:18 PM
සෞඛ්‍ය බාරව ඉන්න ඇමති කිව්වා මාස්ක් එකත් අවශ්‍ය නැහැයි කියල. එහෙම කිව්වේ ජනතාවට සහනයක් දුන්නයි කියන්නද ?
hesa Wednesday, 06 July 2022 01:48 AM
අනේ හපොයි! නීරෝගී මිනිසුන් රෝගීන් වන්න ආයෙත් පටන් ගනීවි.
Sandaruwan Perera Wednesday, 06 July 2022 06:49 AM
ඕයි අපිට එන්නත් නෙමෙයි පෙට්‍රල් ටික දෙනවා මේ දේවල් වලට උබල වගේ නිලධාරින් පැළන්තියත් වග කියන්න ඕන