(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ.
එම ප්‍රධානීන් මෙසේ කැදවුණේ ඒ ආයතනවල කටයුතු විමසීම සඳහාය.
ආයතන දෙකේ ප්‍රධානීහු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ අදහස් සහ යෝජනා ජාතික සභාවට මෙහිදී ඉදිරිපත් කළහ.
මේ අතර බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ජාතික සභාවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම සභාවට අද (21) දැනුම් දුන්නේය.
ඒ සමගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය විවිධ බලශක්ති උත්පාදන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගැනීමට යෝජිත පියවර සම්බන්ධයෙන්ද ජාතික සභාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ජාතික සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) රැස්විය.
මෙම රැස්වීමේදී ජාතික සභාවේ කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහත්වරු සිය කමිටුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජාතික සභාව දැනුවත් කළහ.
මෙම රැස්වීමට අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන්වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු,සාගර කාරියවසම්, අසංක නවරත්න, රිෂාඩ් බද්දියුදීන්, එම්. රාමේෂ්වරන්, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආයතන දෙකක ලොක්කෝ ජාතික සභාවට කැඳවෙති