
(ආරියරත්න රණබාහු)
ආබාධ සහිත පුද්ගලයින්ගේ සංස්කෘතික අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් සාහිත්‍යය හා කලා නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික සංස්කෘති කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ සඳහා සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම කෙටිකතා ආබාධිත පුද්ගල චරිතාපදාන, ගීත රචනා , පද්‍ය රචනා, චිත්‍ර නිර්මාණ සහ ඡායාරූප තරඟය ඇතුළත්ව තරග හයක් පැවැත්වේ
මෙරට ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රථම වරට දීප ව්‍යාප්ත මට්ටමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම තරඟ සංවිධානය කෙරෙන අතර ප්‍රථම ස්ථානය සඳහා රුපියල් දෙලක්ෂයක්ද දෙවෙනි ස්ථානයට එක් ලක්ෂ පනස්දහසක් සහ තුන්වෙනි ස්ථානයට රුපියල් ලක්ෂයක්ද හිමිවේ කුසලතා ස්ථාන පහක් සඳහා රුපියල් පනස් දහස බැගින් පිරිනැමේ.
වැඩි විස්තරwww.cultural.g0v.lk වෙබ් අඩවියෙන් සහ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශයේ දුරකථන අංක 0112876586/0711354361 ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සාහිත්‍ය තරඟාවලියක්