IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආපනශාලා ආහාර රැසක මිල ඉහළ යයි

 

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවලට අවශ්‍ය සහ අළෙවි කරන ආහාර වර්ග රැසක මිල ඉහළ යෑමට ප්‍රතිචාර ලෙස දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් මිල අඩුවූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (10) පැවසීය.  

ශීතකරණවල තබන යෝගට්, අයිස් පැකට්, අයිස් ක්‍රීම්, බීම බෝතල් සහ කුකුළු මස් ඇතුළු බොහෝ ආහාර සහ පාන වර්ගවල මිල ඉහළ යනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට සැපවිදීමට ජනතාවට විශාල විදුලි ගාස්තුවක් පටවා ඇති බවත් අසේල සම්පත් මහතා කීය.

පරිප්පු සහ සීනි ඇතුළු මිල අඩුවූයේ යැයි කියන අත්‍යවශ්‍ය භාණ්ඩලවල මිල පිටකොටුවේ සැබෑ ලෙස අඩුවී නැති බවත් ආපනශාලාවල ආහාර මිල වෙනස් නොවීමට නම් එම භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුවිය යුතු බවත් අසේල සම්පත් මහතා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පෞද්ගලික අංශයෙන් සුඛෝපභෝගි වාහන ගැනීමට සහ උප පොළවල් සඳහා පෞද්ගලික ගොඩනැගිලි කුලී පදනම මත ලබාගැනීමට විදුලිබල මණ්ඩලය විශාල මුදලක් වැය කරන බව කී අසේල සම්පත් මහතා මෙවැනි දේ නොනවත්වා එහි බර ජනතාවට පටවන්නේ නම් නිලධාරීන්ගේ නිවෙස් වටලන බව ද සඳහන් කළේය.



අදහස් (8)

ආපනශාලා ආහාර රැසක මිල ඉහළ යයි

sharm warn Wednesday, 10 August 2022 05:30 PM

ආ.. එහෙමද? අපි හිතුවේ කහට තේ එකක මිල රුපියල් 10කින් අඩු කළාම රට ස්වයංපෝෂිත වුණා කියලා.. එහෙම නැද්ද එතකොට?

:       1       8

fairoosWednesday, 10 August 2022 06:44 PM

ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තුවන්න.

:       0       6

BamunuarachchiThursday, 11 August 2022 07:16 AM

රටේ සිංහලයා ඉතිරි කරන සම්පත් පිනට භුක්ති විඳින්නේ ඔහෙලා. ඔහෙලා මෙරටෙන් තොලොංචි උනොත් අපිට ඒකම සහනයක්. අපේ පවුල් වල ඉන්නේ ළමයි දෙන්නයි. පිනට කන පවුල්වල ළමයි හටහුටා මාරක් ඉන්නවා. අපේ සල්ලි වලින් ඔවුන්ට කන්න දෙනවා.

:       0       0

චන්දන Wednesday, 10 August 2022 06:16 PM

ආපනශාලාවල ඇති ජරාව කන්න පුරුදු වෙලා තමයි ළමයින්ගෙ මන්දපෝෂණය වැඩිවෙලා තියෙන්නේ. ඔය පිටි කෑම නතර කරන්න.

:       6       7

Bamunuarachchi Wednesday, 10 August 2022 06:55 PM

පාන් පුච්චන්නේ ගෑස්වලින්නම් පාන් මිල ඉහළ යන්න හේතුවක් නැහැ, විදුලි ලිප්වලින් කරන මගුලක් නැහැ නේද? පාන් බනිස් කනවා වෙනුවට බත් ටිකක් කන්න පුරුදුවෙන්න. වත්තේ ගස්වල පොල් තිබෙනවානම් කඩේ හාල් තිබෙනවානම්. බේකරි උඩුකුරුඥන් වුණත් අපිට කමක් නැහැ.

:       9       10

podi mole Wednesday, 10 August 2022 07:37 PM

meeke anthima waakyaya kiyawanakota hithune eeka liwwe budunge kaale hitapu daniyagopaala kiyana bamunada kiyala

:       0       0

fairoosWednesday, 10 August 2022 07:47 PM

තවති ඉන්නවනේ අපේ රටේ මේ වගේ බත්කන හරක්....

:       0       0

Lalith Wednesday, 10 August 2022 10:07 PM

මිල වැඩිකරන්න. ඕව වැඩිකල් නොගිහින් වැටිල යනව.අසීමිත ලාභ බාල ප්‍රමිතිය. හැමදාම ජරාව කාල ඉන්න ජනතාව ලෑස්ති නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site