IMG-LOGO

ආපනශාලාවලින් හෙට සිට කෑම නෑ

 

(අංජුල මහික වීරරත්න)

ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය.

ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවද අසේල සම්පත් මහතා සඳහන් කළේය.

ආපන ශාලා වසා දැමීමට සිදු වීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව බව කී අසේල සම්පත් මහතා ආණ්ඩුව මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් නොදුනහොත් රටපුරා ආපන  ශාලා වල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන ජනාධිපති කාර්යාලය අසලට පැමිණ කඳවුරු බැඳින බව සඳහන් කළේය.

සාමාන්‍ය ආපන ශාලාවකට පවා දිනකට ගෑස් ටැංකි දෙකක් තුනක් හෝ පහක් වත් වැයවන බව කී අසේල සම්පත් මහතා ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති හෙයින් හෙට (17)දිනයේ සිටම ආපන ශාලා වසා දැමීමට සිදු වනු ඇති බවද කීය.



අදහස් (1)

ආපනශාලාවලින් හෙට සිට කෑම නෑ

Soma dubayi Wednesday, 16 March 2022 08:11 PM

ඒ කොහොමද එහෙම ආහාර නැති වෙන්නේ? මේක කුමන්ත්‍රණයක්, ජනාධිපතිතුමනි, වහාම ආපනශාලා හිමියන්ට දැඩි දඬුවම් දෙන්න.

:       12       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site