IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල

(නිමල කොඩිතුවක්කු)

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය දිස්ත්‍රික්ක 24 කට බලපා ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් පවුල් 113 052කට අයත් 377 511ක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්වය හේතුවෙන් නිවාස 91කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 1662 කට අර්ධ හානි සිදුව තිබේ.

මෙයට අමතරව කුඩා  සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 51 කට සහ වෙනත් ස්ථාන 178 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට පුවුල් 10431 කට අයත් 32695 ක් ආරක්ෂිත ස්ථාන 311 ක රඳවා ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර, යාපනය, මන්නාරම,මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ  පුත්තලම  යන දිස්ත්‍රික්කයට සිදුව තිබේ.

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

අධික වර්ශාවත් සමග ප්‍රදේශ කිහිපයකට ඇතිවූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල මාර්ග තවදුරටත් ජලයෙන් යටවී තිබේ.

මේ අතර දිවයිනපුරා පිහිටි කුඩා වැව් 106ක් අධික වර්ෂාවත් සමග කැඩී ගොස් තිබේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 848 න් 29 ක බැමි කැඩී ගොස් හානියට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම් කාර්්‍යාලවල මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම්  මූළිකත්වයෙන් ඊයේ(28) දිනයේත් සිදුකෙරිණ.



අදහස් (0)

ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site