IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආපදා තත්වය ක්‍රමයෙන් පහව යයි

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපෑ මහ වැසි හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැසි තත්වය අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම ද අඩුවීම නිසා ගං වතුර ද බැසයමින් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේ වුවත් ආපදා තත්වයේ බලපෑම නිසා දිස්ත්‍රික්ක 10 ක පවුල් 14,309 කට අයත් 56,630 දෙනකු තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතරින් අවතැන් වූ පවුල් 1,660 කට අයත් 5,383 දෙනකු අද (17) උදෑසන වන විටත් ආරක්ෂිත ස්ථාන 36 ක රඳවා සිටි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, ගම්පහ, කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්වූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ආපදා තත්වය මේ වන විට සම්පූර්ණයෙන් පහව ගොස් ඇතැයි ද ඔහු කීවේය.

මින් වැඩිම පීඩාවක් සිදුවූයේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක පවුල් 9,179 කට අයත් 38,985 දෙනකු ඊයේ වන විටත් පීඩාවට පත්ව සිටි බව ඔහු පැවසීය.

මෙම ආපදා තත්වයෙන් නිවාස 207 කට අර්ධ හානි සිදුව, තවත් නිවාස 5 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.



අදහස් (0)

ආපදා තත්වය ක්‍රමයෙන් පහව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site