
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද (27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු විසින් මෙසේ ඝාතනය කොට තිබුණේ තෙල්වත්ත මළවැන්න දකුණ පදිංචි 47 හැවිරිදි සිව් දරු පියකු වන ගෝන පිනුවලගේ තුසිත කුමාර නමැත්තෙකු බවද පොලීසිය කියයි.
මේ මල් ශාලා හිමිකරු ඝාතනය කර තිබුණේ ජුනි මස 25 වැනිදා රෑ බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණේ ඔහුගේම මල් ශාලාවේ සේවය කළ සේවකයකු බවද පොලීසිය කියයි.
සැකකරු වතුගෙදර ආදාදොළ පදේශයේම පදිංචි විසිඅට හැවිරිදි දෙදරු පියෙක් බවත් මල් ශාලා හිමිකරු සිය භාර්යාව සමග පවත්වාගෙන යතැයි කියන අනියම් සම්බන්ධතාවය මේ ඝාතනයේ හේතුව බව අනාවරණයවූ බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආඳාදොල මල්ශාලා හිමිකරු ඝාතකයා එළියට