IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක්

 

(එච්. චන්දන)

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 – 50 ක පමණ අතර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය පවසයි.

පැය 04 ආසන්න පමණ කාලයක් පැවති ගින්න 28 වැනිදා සවස සුළං ව්‍යාපතිය නිසා දරුණු වී තිබේ. මේ දිනවල මේ ප්‍රදේශ හා අවට දිවා කළයේ දැඩි හිරු රශිමිය පතිත වන අතර මේ හේතුවෙන් දැඩි වියලි කාළගුණික තත්වය නිසා ගින්න පැතිරීම වැඩි වී තිබේ.

වන ජීවී නිළධාරින් එක්ව , ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන්ද, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, ප්‍රදේශවාසීන්ද එක්ව , හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත.

ලංකාවේ පිහිටි දෙවන රැම්සා අභය භූමිය වන්නේ ආනවිළුන්දාව කුරුළු අභය භූමිය වන අතර 2001 අගෝස්තු මස 03 වැනිදා රැම්සා අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර ඇති මෙහි විශාලත්වය හෙක්ටයාර් 1357 කි.

මෙම ගින්න ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියට ආසන්නයෙන් පිහිටි පිංකට්ටිය වෙල් යායට කිසියම් අයෙකු විසින් ගිනි තබා ඇති බවත්,එම ගින්න අභය භූමිය තෙක් පැතිර ගොස් ඇති බව සිද්ධිය මූලිකව කරන ලද සොයා බැලීමේ ආණවර්ණය වී තිබේ.



අදහස් (3)

ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක්

D P P Prasad Thursday, 29 September 2022 11:04 AM

ආනවිලුන්දාව සංරක්ෂිත තෙත්බිම වන ජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිපාලනය යටතේ පවතින සුවිශේෂී පරිසර පද්ධතියකි. දේශිය කුරුළු විශේෂ මෙන්ම ඇතැම් සංචාරක කුරුල්ලන්ටද තොතැන්නක් වන මෙය පසුගිය කාලවකවානුව තුල වරින්වර නොයෙකුත් හානිකර තත්වයනට ගොදුරු විය. පුත්තලම ප්‍ර්‍රදේශයේ ඇතැම් දේශපාලන බලවතුන්ගේ ආධාරකරුවන්ද මෙම හානිකර තත්වයන් ඇතිකිරීමට ආධාර හා අනුබලදුන් බවට ඇතැම් මාධ්‍ය වාර්තාද පලවිය. ඇතැම් පුර්ණ කාලින ගවේෂකයින්ගේ හා විදේශ මෙන්ම දේශිය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් වශයෙන් ප්‍ර්‍රචලිත මෙම භුමිභාගය මතුපරපුර සදහා රැක ගැනීමට කටයුතු කිරිම සමාජිය වගකීමකි.

:       0       0

ravin Thursday, 29 September 2022 11:37 AM

ඉබේම හටගත්තු ගින්නක්ද? නැතිනම් ඔක්සිජන්ගේ වැඩක්ද?

:       0       0

Perera Thursday, 29 September 2022 12:16 PM

ඔක්සිජන් කන්නද කියල අහපු එවුන් ගින්න පිටිපස්සෙ ඉන්නවද කියල බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site