(ඉන්දිකා රාමනායක)
නිවැසියන් සාදයකට ගොස් සිටි අවස්ථාවක ආදුරුප්පුවීදියේ නිවසක රුපියල් ලක්ෂ 26 ට ආසන්න රන්බඩු සොරාගත් සැකකරුවෙකු පැය 24 ක් තුළ අද (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු විසින් සොරාගත් පවුම් 16 1/2 ක රන් බඩු මාලිගාවත්ත ප්‍රදේශයේ ඔහුගේ මිතුරකුගේ නිවසේ සගවා තිබියදි පොලිසිය එම සැකකරු ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරු නිවසේ හිමියන්ගේ ඥාති පුතෙකු බවද පොලිසිය පවසයි.
නිවැසියන් ඊයේ (23) දින දහවල් සාදයකට ගොස් සිටියදි සැකකරු නිවසට පැමිණ මෙම සොරකම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය.
මොහු විසින් එම රන්භාණ්ඩ වලින් එක් මාලයක් මිතුරකුගේ හැදුනුම්පතකින් උකස් තබා ඇති අතර, සෙසු රන් භාණ්ඩ උකස් කිරීම සදහා මිතුරාට ලබා දී ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු හා ඔහුගේ මිතුරා තදින්ම අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින්නන් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd