(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි,
පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටියට නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියකි.
මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබති.
කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින්මෑතකදී ඔහුගෙන් වෙන් වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
සැකකාර සරසවි සිසුවා යළිත් තමා සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වන ලෙස සරසවි සිසුවිය ට දිගින් දිගටම ඇවිටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පැවැසීය.
සරසවි සිසු පෙම්වතා ඊට පළිගැනීමක් ලෙස ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතර වාරයේ ලබාගත් ඇයගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවක්මවට සහෝදර සහෝදරියන්ගේ ජංගම දුරකථන වලට වට්ස්ඇප් වට්ස් ඇප් මගින් යවා ඇතැයි පොලිසිය කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආදරයෙන් පැරදි සරසවි සිසුවා කළ කැත වැඩේ
kusumalatha Saturday, 25 March 2023 10:27 AM
අද කාලේ බහුතරයක් ඉන්නේ සැබෑ ප්‍රේමවන්තයන් නොවෙයි, රාගවන්තයෝ බව ප්‍රේමවන්තියන්ගෙන් බහුතරයක්ම තවමත් තේරුම්ගෙන නැහැ. මෝඩ ළමයි දුරදිග නොසිතා තමන්ගේ ආත්මය මේ වගේ නරුමයින්ට පාවාදෙනවා. ඒ නරුමයින් තමන්ව උපරිමයෙන්ම විශ්වාස කළ අනෙකාගේ ආත්මය අන්තර්ජාලය හරහා කෙළෙසනවා. ඇත්තටම ආදරයක් තිබුණානම් ඔවුන් මෙහෙම කැත වැඩ කරයිද? නව පරපුර ගොළුහදවත වගේ පොත් ගැන අහලාවත් නැහැ. ඒ වගේම හරිහමන් ගීතයක් රසවිඳලා නැහැ. වික්ටර් රත්නායකගේ සඳකැන් වැසිලා කියන ගීතය වැනි මිනිසෙකු තුළ තිබියයුතු උසස් ගුණාංග ගැන කියවෙන ගීතයන් තව කොපමණ තියෙනවාද?