IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආදරයට බාධා කළැයි කොල්ලයි කෙල්ලයි දිය ඇල්ලකින් පැනලා

(සුරංග රාජනායක සහ සුදත් එස්. කුමාරසිරි)

ආදර සම්බන්ධතාවට මවුපියන් අකැමැති වුණැයි බාල වයස්කාර පෙම් යුවළක් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන්   පහළට පැනීමෙන් තුවාල ලබා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ දිය ඇල්ලෙන් පැන ඇත්තේ පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත පදිංචි දරුවකු හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දැරියක බව පොලිසිය කියයි.

17 වැනි වියේ පසුවන මේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවට දැරියගේ නිවෙසින් දැඩි විරෝධයක් එල්ල වී ඇති  බව ප්‍රකාශ කර ඇතැයි කියයි.

මොවුන් අලුයමදී රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට පියමංකර එහිද කාලය ගත කර මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

දිය ඇල්ලෙන් පහළට පැන්න ද තරුණයා ජීවිතක්ෂයට පත් නොවී තුවාල පමණක් සිදුව තිබු නිසා ඔහු දිය ඇල්ලෙන් ඉතා අපහසුවෙන් ඉහළට පැමිණ අවට ප්‍රදේශවාසීන්ට සිද්ධිය පවසා තිබේ.

ප්‍රදේශවාසීන් දිය ඇල්ලෙන් පහළට බැස තරුණිය සොයාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඇය ගොඩට ගෙන දෙදෙනාම මෙසේ රෝහල් ගත කර ඇත.

 



අදහස් (6)

ආදරයට බාධා කළැයි කොල්ලයි කෙල්ලයි දිය ඇල්ලකින් පැනලා

Ruwan De Silva Thursday, 06 June 2024 08:37 AM

ලංකාවේ මිනිස්සු හරිම මොඩයි, උගත් වුණත් වැඩක් නෑ. එක්කෝ අවුරුදු 21 වෙනකම් ඉවසලා බැදලා වෙනම ජීවත් වෙන්න පුළුවන් නේ. යුරෝපයේ වගේ නම් එහෙමයි. ලංකාවේ නම් කොකටත් තයිලය සියදිවිනසා ගැනීම.

:       1       71

Ruchira Friday, 07 June 2024 12:19 AM

යුරෝපයේ හැම දෙයක්ම මෙහාට ගැලපෙන්නේ නෑ. මෙහෙට ගැලපෙන දේ තමයි ඒ දෙන්නා ඒ කරලා තියෙන්නේ.

:       0       0

රංබොඩ Thursday, 06 June 2024 09:12 AM

අවුරුදු 17 කියන්නෙ ළමා කාලය. ආදරයක් , ජීව්තයක් , අනාගතයක් ගැන කිසිම වගකීමක් නැති කාලයක්. මෙවැනි නොමේරූ දරුවන් ගෙ ආදර සම්බන්ධ තා ගැන වැඩිහිටියන් ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි . මොකද ආදරය කිරීම කියන්නෙ බරපතල වරදක් නොවන නිසා.

:       0       36

පිටිගල මිලානෝ Thursday, 06 June 2024 09:51 AM

ආදරයේ වේදනාව කොහොමද…? දැන් සැපද….?

:       0       18

Perera Thursday, 06 June 2024 10:16 AM

දිය ඇල්ලකින්වත් හරියට පැනලා මැරෙන්න බැරිකොට තව කොහෙද ජීවිත සටන ගොඩ දාන්නේ

:       3       18

Virakon Thursday, 06 June 2024 05:40 PM

දෙමව්පියන්ට රිදවන්න ඇල්ලෙන් පැන්නා. දැන් දෙන්නා විඳවපල්ලා. දෙන්නගෙන් එකෙක් මරුනනම් අනිකට ජීවිතේම විඳවන්න වෙනවා කොරපු මෝඩකම මතක් කර කර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site