IMG-LOGO

ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරනවා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරමින් සිටින බවත් ආණ්ඩුව අඛණ්ඩව මේ ආකාරයෙන් කටයුතු කළ හොත් රාජ්‍ය බිඳවැටී රට තවත් ආමාරුවේ වැටෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (17) පැවසීය.

නාමල් රාජපක්‍ෂ මහතා බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (17) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ආණ්ඩුව එක පැත්තකින් දේශපාලඥයන් ද අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් ද, මර්ධධනය කරමින් සිටින බව දද නාමල් රාජපක්‍ෂ මහතා කීය.

මෙරට බුද්ධි අංශ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ මෙවාවන් පිළිබඳව ආණ්ඩුවට පැහැදිළිව තේරුම් ගැනීමට නොහැකිව තිබෙන බවත් ආණ්ඩුව සියල්ලම පටලවාගෙන ‘ඩයස්පෝරාව’ හෝ වෙනත් තුන්වැනි පාර්ශවයක බලපෑමත මත බුද්ධි අංශ මර්ධනය කරන තත්වයකට ආණ්ඩුව පරිවර්ථනය වී ඇති බවත් ඒ මහතා කීය.

එම ක්‍රියාකළාපයට හේතුව ආණ්ඩුවේ නොදනුවත්කම හෝ එසේ නොවේ නම් ‘ඩයස්පෝරාවේ’ උවමනාව මත සිතාමතා බුද්ධි අංශ මර්ධනය කරනවා වියහැකි බව කී නාමල් රාජපක්‍ෂ මහතා ‘යහපාලන’ ආණ්ඩුව කාලයේ ද මේ ආකාරයටම බුද්ධි අංශ, දේශපාලඥයන් සහ රාජ්‍ය සේවකයා මර්ධනය කළ බව ද ඒ මහතා කීය.

බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාගේ ස්ථාවය පිළිබඳව පරීක්‍ෂණයක් නොමැති අතර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ නොමැති බවත් සමාව දීමට අවසානයේ රටේ ජනාධිපතිවරයා අස්සන් කර තිබියදී බන්ධනාගාර නිලධාරීන් ගැන පරීක්‍ෂණ කරන බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරයාට ලිපිය දුන් ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයාට අධිකරණ අමාත්‍යවරයා හරහා එම අමාත්‍යංහයේ ලේකම්වරිය ලිපිය එවූ බව කී නාමල් රජපක්‍ෂ මහතා පැවසුවේ මෙම සිද්ධියේ ඉහළ නිලදාරීන් පසක තබා ආණ්ඩුවේ වැරැද්ද වසා ගැනීමට පහළ නිලධාරීන් පිළිබඳව පරීක්‍ෂණ කරන බව ද සඳහන් කළේය.

කන්ටේනර් සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවෙන්ම එය කරඇති ක්‍රමවේදය වැරදි යැයි සඳහන් කර ඇති බවත් වර්තමාන ආණ්ඩුව නිලධාරීන් ලවා පසුගිය කාලය රතු කන්ටේනර් නිදහස් කළ බවත් ඒ මහතා කීය.

මෙම වැරැද්ද වසාගැනීමට ද නිලධාරීන් මර්ධනය කිරීමට අනිවාර්යෙන් ආණ්ඩුව කටයුතු කරන බවත් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට එක පැත්තකින් දේශපාලඥයන් ද, අනෙත් පැත්තෙන් නිලධාරීන් ද මර්ධනය කරන බවත් නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ආණ්ඩුව ඊළගට පුරවැසියා මර්ධනයට කිරීමට කටයුතු කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පැවසුවේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමට විවෘත ඡන්දයක් ඉල්ලා සිටි මන්ත්‍රීවරියට පහර දී ඇති බවත්ය. 



අදහස් (3)

ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරනවා

පිටරැටියා Tuesday, 17 June 2025 05:03 PM

දූෂිත පව්ල් ආණ්ඩුව රාජ්‍ය පාලනය කරපු හැටි ලෝකෙම දන්නවා. රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවෝ අල්ලන කොට හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව මර්දනයෙන් රාජ්‍ය පාලනය කරනවා කියලා...

:       2       23

රුවන් Tuesday, 17 June 2025 05:14 PM

ඒ දවස්වල විරුද්ධ පක්ෂේ මන්ත්‍රී ලා සුදු වෑන් එකෙන් සවාරි යැව්වා නේද පොඩි මයිනෝ? එතකොට ඒවා හොඳයිද?

:       1       8

Neel Tuesday, 17 June 2025 05:21 PM

ඔබගේ පියා, බාප්පා ඇතුළුව පොහොට්ටු කට්ටිය කරපු විදිහ හොඳද? අපි තමයි හොඳටම කළේ නේද?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site