IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයටත්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආබාධිත ජනතාවගේ පහසුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්නැයි  මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  රජයෙන් ඉල්ලීමක් කළේය.

ආබාධිත ජනතාවගෙන් සියයට හැත්තෑ එකක් කිසිම ආර්ථික කටයුත්තකට දායක නොවන බව පැවසූ අමාත්‍යවරයා පාසල් යන වයසේදරුවන්ගෙන් සියයට තිස් හතරක් කිසිම අධ්‍යාපනයක් නොලබන බවද  ප්‍රකාශ කළේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳව අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

ආබාධිත අය වෙනුවෙන් රක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න. ආබාධිත තත්ත්වය නිසා සෞඛ්‍ය රක්ෂණයක් ගන්න බැහැ පුරවැසියකුට. බැංකු ගිණුමක් තනියම විවෘත කරන්න බැහැ. ජීවිත රක්ෂණයක් ගන්න බෑ. ඉතා බරපතළ තත්ත්වයක්. සෑම අමාත්‍යාංශ  විෂය පථයන්ට අදාළව  ආබාධිතයන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්න ඕන. මේ යෝජනාව මම න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. ඔබතුමා ඒ වෙනුවෙන් නායකත්වය ලබාදෙන්න.

මේ රටේ සියයට 8.7ක් ආබාධිතයි.අවුරුදු පහෙන් අඩු දරුවන් මේ සංගණනයට භාවිත කළේ නැහැ. ලක්ෂ දහසයක් ආබාධිතයි ලු. මෙයින් සියයට හැත්තෑ එකක් කිසිම ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. පාසල් යන වයසේ  දරුවන්ගෙන් සියයට තිස් හතරක් කිසිම කිසිම අධ්‍යාපනයක් ලබන්නෙ නෑ.



අදහස් (6)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයටත්

Aravinda Monarawila Monday, 04 December 2023 02:49 PM

දැන් අනිත් ඔක්කොම ප්‍රශ්න විසඳලා තියෙන නිසා මේක ඉක්මණට කරන්න ඕනෑ... එතකොට රටේ ප්‍රශ්න සියල්ල විසඳිලා... කපුටාට වැඩිය මෙයාට එක මොලයක් හරි තියෙනවා.

:       1       5

චින්තක Monday, 04 December 2023 03:38 PM

අකුරු කියවන්න දන්න අයවත් නොකියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔය ආබාධිත ජනතාව කියවාවි කියලා බ්‍රේල් ක්‍රමයට පොත් ලක්ෂ ගණනක් මුද්‍රණය (ලක්ෂ හැටනවයක් අවශ්‍යම වුණත් ඉන් තුනෙන් දෙකක් වත් මුද්‍රණය කළා නම්) කළාම රටේ ඔක්කෝම ප්‍රශ්න නිට්ටාවට සුවයි සියලු දෝෂ සම්පූර්ණයෙන්ම නිවාරණයි තීන්දුයි. දැන් වෙන්න බැරිවූ ජනාධිපතිතුමාට තිබුණු බරපතළ ප්‍රශ්නය අවසන් වෙනවා...

:       0       1

Prabha Monday, 04 December 2023 11:34 PM

අඳුරේ අතපත ගාන ඔක්කොටෝම ප්‍රයෝජනවත් වේවි.

:       0       0

ගමේ එකාලා Monday, 04 December 2023 11:44 PM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇස් පේන අයවත් හරියට කියවන්නේ නැති රටක් වෙච්චි, එහෙම රටක තව මොන බ්‍රේල්ද?

:       0       0

chandima Tuesday, 05 December 2023 06:25 AM

සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන්න බැරි නිසා මෙදාපාර ඇස් නොපෙනෙන මිනිස්සු ,වතු කම්කරුවෝ වගේ කට්ටිය අල්ලාගෙන දිනන්න වගේ යන්නේ ?

:       0       0

Bamunuarachchi Wednesday, 06 December 2023 08:43 AM

ඔව් ඔව් ඉන්නේ ඔක්කොම දේශපාලන අන්ඳයො නිසා බ්‍රේල් ක්‍රමයට ව්‍යවස්ථාව ලියන ඒක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site