IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’ආණ්ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ  විසිල් මිස බල්ටි නැති බව සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කියපු දේවල් කිසිවක් ඉටු කර නැතැයිද ඔහු සඳහන් කළේය.

ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ එකතුවී කුමන්ත්‍රණයක් කළ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ  නිවට පුද්ගලයන් අද සමාජය පුරා බොරු වපුරමින් සමාජයේ  අවුලක් ඇති කිරීමට උත්සහ දරන බවයි.



 

 



අදහස් (6)

’’ආණ්ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ’’

saradiyel Sunday, 04 June 2023 11:38 AM

උන්නැහේ, ඔහෙට තියෙන්නෙත් විවේචන මිසක් ප්‍රායෝගික දැක්මක් නොවන බව ඕනෑවටත් වඩා ඔප්පුවෙලා ඉවරයි. යුද්දෙදී නායකත්වය දුන්නු බව ඇත්ත... නමුත් රටක් පාලනය කිරීම ඊට වඩා ගොඩක් අමාරුයි. ඔහේගේ උද්දච්චකම නිසාම තමන්ට තිබුණු පිළිගැනීම හා ගෞරවය දැන් බින්දුවට බස්සගෙන ඉවරයි. දේශපාලන පරිණත බව අතින් ඔබ ඉන්නේ බින්දුවේ තැනක. අයේ කිසිදාක මන්ත්‍රීකමෙන් ඉහළ තැනකට යන්න ඔබට ලැබෙන්නේ නැහැ.

:       5       51

මහසෙන් Sunday, 04 June 2023 11:42 AM

විසිලුයි, බල්ටියි, කයියයි තියෙන එකම කෙනා ඔයා තමයි. ඒ නිසා ඔයටික ඔයාගේ වෙන්න ජනාධිපතිට කියන්න. මොකද එයාගේ කයිය හින්දා තමා ආණ්ඩුව මේ දේවල් කරන්නේ...

:       4       32

kanishka ranasinghe Sunday, 04 June 2023 12:03 PM

රටක හෝ දූපතක් කරන ආණ්ඩුවක් කියන්නේ විසිල් ගහන්න හෝ කරනම් ගහගහ ඉන්න ආයතනයක් නොවෙයි කියන එක මේ විශ්‍රාමික පුරවැසියා දැනගත යුතුයි. රාජ්‍යයක් කරන ආණ්ඩුවක් සර්කස් කාරයෙකුගේ වැඩ විදිහට දකින තැනැත්තාගේ මොලයේ අවුලක් තිබ්බ, දර්ශනයක් නැති අයෙකු විදිහටයි මට පේන්නේ...!

:       5       28

prasanna Sunday, 04 June 2023 12:36 PM

ඔයාගෙත් විසිලුත් නැහැ... බල්ටිත් නැහැ.

:       5       44

SenarathMonday, 05 June 2023 09:26 AM

පොඩි නිවැරදි කිරිමක්. බල්ටි තියෙනව, ඒකනෙ අවුරුදු 12 පක්ෂ 3 ක ඉන්නෙ. 2 කින්ම ජනපති අපේක්ෂකයන උන්නෙ.

:       0       3

සල්ලි Monday, 05 June 2023 12:23 PM

ෆොන්සේකා ගේ පවුල අපේ බදු සල්ලි වලින් සැපේ ජීවත් වන බවත් ඔහුට රට පිළිබඳ අප්‍රමාණ කැක්කුමක් ඇත්නම් ඇල්ටෝ එකක ගමන් යන්න හැකි බවත් මම විශ්වාස කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site