IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ආණ්ඩුවේ පසු පෙළ හවුල් පක්ෂවලට අවි අමෝරයි

(අජන්ත කුමාර අගලකඩ)

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ නම්, ආණ්ඩු පක්ෂ රැස්වීම් වර්ජනය කිරීමට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ආණ්ඩුවේ සිටීමින් ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායමක් සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින්, ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායම මෙම තීරණය කර තිබේ .

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වරප්‍රසාද ලබමින්, ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායමක් සමග තව දුරටත් ඉදිරියට යා නොහැකි බවය .

එබැවින් ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ නම්,එම රැස්වීම්වලට සහභාගී නොවීමට පසුපෙළ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි ද ඔහු සදහන් කළේය .

කැබිනට් මණ්ඩලයේ සිටිමින් ,කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයේ නඩු පවරන, ආණ්ඩුවේ නායකයන් විවේචනය කරන, දූෂිතම ආණ්ඩුව මෙය බව ප්‍රකාශ කරන කණ්ඩායමක් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම කණ්ඩායම ඊයේ (02)ප්‍රසිද්ධ රැස්වීමක් ද කැඳවමින් ආණ්ඩුව දැඩිව විවේචනය කළ බව හෙතෙම කීවේය

මෙම කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි පසුපෙළ කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (1)

ආණ්ඩුවේ පසු පෙළ හවුල් පක්ෂවලට අවි අමෝරයි

Perera Thursday, 03 March 2022 11:24 PM

මේ වගේ අයට මහත්වරු කියන්නේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site