
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශීය ණය කපාහරින්නේ නැතැයි ආණ්ඩුව පුන පුනා කීවේ පට්ටපල් බොරුවක් බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ කමිටුවෙන් ඉදිරිපත් වූ පූර්ව කොන්දේසියක් ලෙස දේශීය ණය කපා හරින බව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇතැයි කී විජිත හේරත් මහතා මෙලෙස ජනතාව නොමඟ යවන ආණ්ඩුවක් සහ මහ බැංකු අධිපතිවරයකු ගැන ජනතාවට සත පහක විශ්වාසයක් නැතැයි පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ රැකියා කරන ජනතාව උපයාගත් මුදල් පිළිබඳ බලහත්කාරයෙන් තීන්දු තීරණ ගැනීමක් මෙහිදී සිදු වන බව කී හේරත් මහතා ඔවුනට මේ දුක් ගැනවිල්ල කියන්නට තැනක් නැති හෙයින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ නඩුවක් ගොනු කර ඇතැයිද ලබන 13 වැනි දා ඒ නඩුව අහන බැවින් හරි නම් මෙවැනි විවාදයක් පැවැත්වීමත් සුදුසු නැතැයි කීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුව කිවේ පට්ටපල් බොරුවක්
SUNIL MILANO Saturday, 01 July 2023 03:52 PM
කාලකණ්ණි අපත ජෙප්පන් කවද්ද හොඳක් දැක්කේ...? මොවුන් කියන්නේම ගල් පැලෙන බොරු...
පැරකුමිSaturday, 01 July 2023 04:52 PM
ඒ නිසා තමයි හැමදාමත් එකතැනම පල් වෙන්නේ...
Bamunuarachchi Saturday, 01 July 2023 08:05 PM
ජෙප්පෝ ගහලා පන්නන්න ඕනේ. රටකාපු කාලකන්නි සෙට් එක...
Bamunuarachchi Sunday, 02 July 2023 10:18 AM
ජෙප්පන් අවුරුදු 58ක් එකතැන පල්වුණා. ඒ බව දැන් ඉන්න ෂෝකඩ ජෙප්පන් දන්නේ නැහැ.
Rata Perata Sunday, 02 July 2023 07:08 PM
මේ වගේ කාලකණ්ණි ටිකක්. ජෙප්පො ජෙප්පො කිය කිය බනිනවා. ඒත් අවුරුදු 75ක් තිස්සේ රට කෑව අයට වදිනවා. දැනුත් මොකද කරන්නේ...? imf එක කියපු ටික බබාලා වගේ කරගෙන යනඑක විතරයි. මෝඩයින්ට මේවා මැජික්... එකපාරක් රට බේරගන්න කෙනෙක් ගෙනාවා බයියන් ටික.... මිනිහා රට කාලා රටිනුත් පැනලා ගිහින් දැන් සුරසැප විඳගෙන ඉන්නවා. ඒක දකින්න කාටවත් මොලයක් නෑ...