IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවේ ඉවතලන කඩදාසි වාලච්චේනට

(අංජුල මහික වීරරත්න)

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත බාර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු 2020 වර්ෂයේ දී නැවත ආරම්භ කර ඇති අතර, නිෂ්පාදන කටයුතු සඳහා දැනට යොදා ගැනෙන ප්‍රධානතම අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වේ. 

එකී නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අඛණ්ඩව සපයා ගැනීම අත්‍යාවශ්‍ය වී ඇත.රජයේ ආයතන වල පවතින ඉවතලන කඩදාසි, වාලච්චේන කඩදාසි කම්හලට ලබා දීම තුළින්, ප්‍රමාණවත් හා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් ලැබීම තහවුරු කර ගත හැකි බව නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, වාලච්චේන කඩදාසි කම්හලට අඛණ්ඩ කඩදායි සැපයුමක් තහවුරු කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ පහත යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* රජයේ මුද්‍රණාලය, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන රජයේ ආයතන, සියලුම විශ්ව විද්‍යාල, රජයේ සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වෙතින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග, සීමාසහිත ජාතික කඩදාසි සමාගම විසින් ප්‍රවාහන පහසුකම් සැපයීමේ පදනම මත නොමිලේ සීමාසහිත ජාතික කඩදායි සමාගම වෙත බාර දීම.

* අනෙකුත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධිත සියලුම ආයතනවල පවතින ඉවතලන කඩදාසි තොග, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදාළ ආයතන හා සීමාසහිත ජාතික කඩදාසි සමාගම එකඟවන සපනදායී මිලකට එකී සමාගම වෙත බාර දීම.



අදහස් (2)

ආණ්ඩුවේ ඉවතලන කඩදාසි වාලච්චේනට

Dayal Wednesday, 08 January 2025 04:28 AM

මෙය විශිෂ්ටයි. මෙය සදාකාලික පුරුද්ද විය යුතුව තිබුණි. එහි ආරම්භය දැකීම සතුටක්. කඩදාසි තිරසාර ලෙස සැකසීම සඳහා රජය තුළ වෙනත් විකල්ප සොයන්න.

:       0       12

Garvin Karunaratner Wednesday, 08 January 2025 07:57 AM

පාවිච්චි කරන ලද කඩදාසි වාලච්චේනය දක්වා ප්‍රවාහනය කිරීමට වියදමක් යයි . ඉවතලන කඩදාසිවලින් කඩදාසි සෑදීම සඳහා කොළඹ නගරයේ කුඩා පරිමාණ නිෂ්පාදනාගාර තිබීම වඩාත් සුදුසුය.වාලච්චේනය පිදුරු මත රඳා පවතී .මඩකලපුව සහ පොළොන්නරුව ප්‍රදේශවල ඕනෑ තරම් තිබේ. . ගාර්වින් කරුණාරත්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site