(යොහාන් භාසුර)
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂයට වෙන් වන කාලයෙන් සියයට 5 ක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එකඟත්වය පළ කර බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට කිසියම් කාලයක් වෙන් කර දෙන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට යෝජනා කළ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තුව රැස්වන කාලය පැය භාගයකින් දීර්ඝ කර එම කාලයෙන් සියයට 50 ක් ද විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට ලබාදීමට ද තීරණය කළ බවත් වීරවංශ මහතා කීය.
ඊට අමතරව සුදුසු පරිදි විපක්ෂයට හිමි කාලයෙන් ද යම් ප්‍රමාණයක් විපක්‍ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන් සඳහා වෙන්වනු ඇති බව ද වීරවංශ මහතා වැඩි දුරටත් කීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පැවැත්විණි.
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන් ගෙන සිටින ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට, ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නියමිත කාලයක් මීට පෙර වෙන්ව නොතිබුණි.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවෙන් විපක්ෂයට ගිය මන්ත්‍රීන්ට අදහස් දක්වන්න කාලය වෙන්කෙරෙයි
achini Thursday, 29 September 2022 03:46 PM
මේවා බොල් හඬ නගන හිස් භාජන...!
Lelwala Friday, 30 September 2022 09:08 AM
මේ මැට්ටන්ගේ අදහස් වලින් මහජනතාවට ඇතිවන සෙතක් නොමැත. ඔවුන්ගේ පක්ෂය ගොඩදාගන්න, දේශපාලනයේ තව දුරටත් රැඳී සිටීමට කරන කූට උපක්‍රම...!