ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්වාධීන මතධාරී හවියේ මිලෙයි ය.
ආජන්ටිනා ජනාධිපතිවරණයේ පළමු වරට පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. දෙවැනි වටයකට යෑමට සිදුවූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වූ බැවිනි.
දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනූ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ සර්ගියෝ තෝමාස් මසා සහ හවියේ මිලෙයි අතරේය. සර්ගියෝ තෝමාස් මසා ට හිමි කර ගැනීමට හැකිවූයේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව, දැඩි ආර්ථික අර්බුදයකින් හෙම්බත් වී සිටින රාජ්‍යයකි. දැඩි ලෙස අඩපණ වී කඩා වැටුණු රටේ ආර්ථිකය පණ ගැන්වීම තම ප්‍රධාන අරමුණ බව ජය සමරමින්, තම පක්ෂ ආධාරකරුවන් අහතමින්, හවියේ මිලෙයි පැවැසුවේය.
දක්ෂිණාංශික නව ලිබර්වාදියකු වන සර්ගියෝ තෝමාස් මාසා, හවියේ මිලෙයිගේ ජයග්‍රහණය ප්‍රකික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි. මාසාගේ ආධාරකරුවන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිලිගැනීමට නොහැකි බව පවසමින් විරෝධතා ආරම්භ කර ඇතැයි ද ආජන්ටිනා මාධ්‍ය වාර්තා කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි