IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ආචාර්ය නදීෂාට ගෝලීය සම්මානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික ඉංජිනේරු ආචාර්ය නදීෂා චන්ද්‍රසේන විපෝ 2025 ගෝලීය සම්මාන උළෙලේදී හොඳම ජයග්‍රාහක/ජයග්‍රාහිකාවන් 10 දෙනා අතරට තේරී පත්වී ඇත. ආචාර්ය චන්ද්‍රසේන මහත්මිය සංවර්ධනය කරන ලද නවෝත්පාදන වැසි ජල කළමනාකරණ විසඳුමක් වන ස්මාර්ට් ඩ්‍රේන් සඳහා ඇයට මෙම සම්මානය හිමි වූවාය.

විපෝ යනු ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ ගෝලීය මුල පිරීමක් වන අතර එය බුද්ධිමය දේපළ, නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය සඳහා කැප වූ එක්සත් ජාතීන්ගේ ආයතනයයි.

ස්මාර්ට් ඩ්‍රේන් යනු කුණාටු තත්වයකදී නාගරික ප්‍රදේශවල ජලය බැසයාම අවහිර වී ගංවතුර තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය කළ විසඳුමකි. අපද්‍රව්‍ය හේතුවෙන් ජලය බැසයන කාණු අවහිර වී තිබෙන අවස්ථාවලදී පවා ස්මාර්ට් ඩ්‍රේන් විසඳුමට ජලය කළමනාකරණය කිරීමේ හැකියාව පවතී. ද්විත්ව ස්ථර ව්‍යුහයකින් සමන්විත මෙය, කුණාටු ජලය නිදහසේ ගලා යාමට ඉඩ සලසන අතරම ප්ලාස්ටික් වැනි ඝන ද්‍රව්‍ය මාර්ගයෙන් ඉවත් කරයි.

ජල මට්ටම් තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීමේ හැකියාව ස්මාර්ට් ඩ්‍රේන් පද්ධතියට තිබෙන අතර ඉන් ගංවතුර අවදානම් වලට කල්තියා ප්‍රතිචාර දැක්වීමට නාගරික බලධාරීන්ට හැකියාව ලබාදේ.

පේටන්ට් බලපත්‍රයක්ද තිබෙන ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල දේශගුණික අභියෝගවලට මුහුණදීමට සංවර්ධනය කර ඇති ස්මාර්ට් ඩ්‍රෙන් පද්ධතිය රටවල් 95ක් පුරා අයදුම්කරුවන් 780කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කළ නවෝත්පාදන අතරින් මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

 



අදහස් (1)

ආචාර්ය නදීෂාට ගෝලීය සම්මානයක්

ටිරොන් Monday, 14 July 2025 08:00 AM

සුභපැතුම් !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site