
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ කොටහේන ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබියදී අහුලා ගත් බව කියන පොලිස් තාවකාලික රියදුරු බලපත්‍ර පොතක් නිවසට රැගෙනවිත් එම රියදුරු බලපත්‍ර එකක් රුපියල් 5,000බැගින් වූ මුදලකට අලෙවි කළේ යැයි කියන හිටපු පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහක් වයස හිටපු පොලිස් සැරයන්වරයෙකි.
මොහු 2022 වසරේදී විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක් කර සිටින සැරයන්වරයෙක් යැයි පොලිසිය සඳහන් කරයි.
කොටහේන පොලිසියේ රථවාහන අංශයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකු තමා සතුව තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත අස්තානගත වූ බවට පසුගිය වසරේ ඔක්තෝබර් මස දහවෙනිදා එම පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත.
හිටපු සැරයන්වරයා අහුලාගෙන පැමිණ ඇත්තේ මෙම තාවකාලික රියදුරු බලපත්‍ර පොත යැයි පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අහුලාගත් රියදුරු බලපත් පොතේ බලපත්‍ර අලෙවි කරලා