IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

(ඩී.ජී.සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදි පුද්ගලයෙකුට අද (14) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි අහුන්ගල්ල පොලිසිය  පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචි එනාදු තරිඳු ධනුෂ්ක නිසංසලද සිල්වා නමැති 29 හැවිරිදි  තරුණයෙකි.

මියගිය පුද්ගලයා සවස හයයි කාලට පමණ ඥාති කුඩා ළමයින් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් ඇත.පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල විමත් සමග යතුරු පැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවන් දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

මියගිය පුද්ගලයා වෘත්තියෙන් බහුදින යාත්‍රා මුරකරුවෙකු ‍ බවත් ඔහු අහුංගල්ල ප්‍රදේශයේ ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දුවෙක් සමග විවාහ විමට සිටින අයෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා අහුංගල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (2)

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

සුරංගොඩ Saturday, 15 April 2023 12:55 PM

මූණෙන්ම පේනවා කොහොම පුද්ගලයෙක්ද කියලා... ඔහුට අණතුරක් කියලා සැකයක් නිසා වෙන්න ඇති අත දරුවෝ දෙන්නෙක් ගෙනයන්න ඇත්තේ...!

:       2       0

නිමල්සිරි Saturday, 15 April 2023 01:26 PM

ඔබ‍ට නිවන් සුව පතමූ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 254 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site