IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට තවත් අයකුට තුවාල

(දීපාල් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)

බලපිටිය , අහුන්ගල්ල, බෝගහපිටිය පාලම අසලදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට හා රියදුරුට වෙඩි තැබිමෙන් පිටුපස ගමන් කල පුද්ගලයා රොහල් ගත කිරි මෙන් පසු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පැවසිය.

ත්‍රිරෝද රථරියදුරු තුවාල ලබා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිය කියයි.

මියගොස් ඇත්තෙ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත් (29) නැමති විවාහක පුද්ගලයකුය.

ඔහු (චතුරංග ජයලත්) කුලි ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදි වෙඩක්කරුවන් බෝගහපිටිය පාලම අසල සැගව සිට වෙඩිතබා පලාගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.

ත්‍රිරෝද රථ රියදුරුටද වෙඩි වැදි ඇති අතර ඔහු දිවගොස් දිවි බේරාගෙන ඇතිබවද පොලිසිය කීවේය.

බරපතල තුවාල ලබා සිටි ජයලත් සහා රියදුරා ප්‍රදෙශවාසින් එම රථයෙන්ම අහුන්ගල්ල පොලිසියට රැගෙන විත් පසුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

පසුව චතුරංග ජයලත් නැමැත්තා  රාත්‍රි 11.20ට පමන මියගොස් තිබේ.

වැඩිදුර විමර්ශන අහුන්ගල්ල පොලිසිය සිදුකරයි.

 



අදහස් (0)

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට තවත් අයකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site