IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී  සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ  ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.

එම පුද්ගලයා සමඟ  විවිධ ආලේපන අඩංගු ලිටර්  5 ප්ලාස්ටික් කෑන් 30 ක්  යොදාගෙන තිබූ විවිධ ආලේපන වල නම සඳහන් හිස් ඇසුරුම් තොගයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ  ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රංජන මහතා පැවසීය.

විදේශ රටවලින් මෙරටට විවිධ සමාගම් මගින් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලද  විවිධ ආලේපන වර්ග වලට සමාන ප්‍රමිතියෙන් තොර ව නිෂ්පාදනය කරන ලද ආලේපන  නැවත ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන ජාවාරමක් මෙම වෙළඳ සැල තුළ සිදුවන බවට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම කළ බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා පැවැසීය.

එම වෙළඳසැල තුළ තිබී භාරයට ගත් ආලේපන වල ආසනික් ඊයම් හා බැර ප්‍රමිතිය ඉක්මවා අඩංගුව තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ආලේපන වර්ග මිලදී ගැනීමේදී  පිළිගත් වෙළඳසැලකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාව වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටි.

අත්අඩංගුවට ගත් සැකකරු බැඳුම් කරයක් මත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල , කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජි විජේසිරි මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකය ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ  යූ රන්ජන  විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක , එස් යු පුංචිහේවා , හා ධනුක ගුණරත්න මහත්තුරුන් වැටලීම සිදු කළහ

 

 



අදහස් (1)

අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

නිහාල් Thursday, 27 April 2023 02:58 PM

හම්බකරගත්ත ගානෙන් දඩ ගෙව්වම තව ලාබත් තියනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site