IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘අසහනකාරී තත්ත්ව තුරන්වයන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරනවා’

නාලක සංජීව දහනායක

 
සාමාන්‍ය ජනතාවගේ හා රජයේ සේවකයන්ගේ සිත්තුළ ඇතිව තිබූ අසහනකාරී තත්ත්වයන් තුරන්ව යන ආකාරයේ යෝජනා ඇතුළත් මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මෙවර ඉදිරිපත් කරන බව මාතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (13) පැවසීය.


රජයේ සේවකයන්ට වාහන බලපත‍්‍රය ලබාදීම, දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම, පොහොර සහනාධාරය නැවත ලබාදීම වැනි මූලික කරුණු සම්බන්ධයෙන් එමඟින් වැඩි අවධානයක් යොමුකරන බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසීය.


ඉදිරි මහා මැතිවරණයට පුළුල් සන්ධානයකින් තරග කරන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ කියන්නේ එතුමා මැතිවරණයට සූදානම් වෙනවා කියන එකයි. නමුත්  මැතිවරණ පැවැත්වීමට එරෙහිව එතුමට හොරේ කණ්ඩායමක් අධිකරණයට ගියපු එක ගැන අපි කණගාටු වෙනවා. මේ රටට මැතිවරණයක් අවශ්‍යව තිබුණා කියන එක අපි කවුරුත් දන්නවා. 


ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මැතිවරණ පැවැත්වීමම නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ බලයටපත්වුණ ආණ්ඩුවක් මිනිසුන්ගේ මතයට ගරුකරලා රට පාලනය කිරීමයි. නමුත් පැවැති ආණ්ඩුව මහජන මතයට ගරු නොකර, මැතිවරණ පොරොන්දු ඉටුනොකිරීම හා තවත් කාරණා කිහිපයක් මත මැතිවරණයක් පවත්වන්න සිදුවුණා.


පසුගිය අවුරුදු තුනහමාරතුළදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ප‍්‍රතිපත්තිමය වශයෙන් මතගැටුම් පැවතුණා. ඒ නිසා ජනතාව පීඩාවට පත්වුණා. මැතිවරණ කල් දැම්මා. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා කෑ ගහන කවුරුවත් මේ දේවල් ගැන කතාකළේ නැහැ. නමුත් ජනාධිපතිවරයා විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දින 11 පාර්ලිමේන්තුව කල් තැබීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාවක් බව තනාපතිවරුන් පවසනවා.

මේ අර්බුදයට කතානායකවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඔහු තමන්ගේ සීමාව ඉක්මවා වැඩ කළා. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් මතුකළා. ඔහු නිවරදිව ක‍්‍රියාකළා නම් මැතිවරණ පැවැත්වීමට එරෙහිව කවුරුවත් උසාවි යන්නේ නැහැ.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (13) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘අසහනකාරී තත්ත්ව තුරන්වයන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site