(අංජුල මහික වීරරත්න)
කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
රජය විසින් නිකුත් කර ඇති නිර්නායක මත කටයුතු කරන ලෙස ද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් නිකුත් කර තිබේ.
“අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබී ඇති අතර, සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක් තෝරාගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මේ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්ව මිලියන දෙකක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරිණි.
අස්වැසුම සුබසාධක වැඩපිළිවෙලේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත්, මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා අවස්ථාව ලබා දී ඇත.
එසේම සමාජ සුබසාධක ප්‍රතිලාභ නොලැබිය යුතු පාර්ශ්වයන්ගේ විස්තර මේ වන විට ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනයේ සඳහන් නම් ඒ සම්බන්ධව නිර්නාමිකව හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
එහිදී අභියාචනා ඉදිරිපත් කිරීම මෙන්ම විරෝධතා දැක්වීම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර තිබේ.
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මහජන ආධාර වැඩසටහන් වන වැඩිහිටි දීමනා ලබන 456,806ක්, වකුගඩු රෝගී දීමනා ලබන 19,496ක්, ආබාධිත දීමනා ලබන 46,857ක් ලෙස 523,159ක් සඳහා දීමනා ගෙවීමට අදාළ නාම ලේඛනය එළැඹෙන සතියේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන් සඳහා මෙන්ම මෙම වැඩසටහනට අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව අවස්ථාව සලසා දෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අස්වැසුම දෙද්දී අසාධාරණකම් එපා
ඒකනායක Thursday, 29 June 2023 08:07 PM
මිලියන 3.3 අතරේ ආදායම් බදු ගෙවීමට අවශ්‍ය පොහොට්ටු සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපිට පෝරම් පුරවන්න බැරි නිසා තොරතුරු දෙන්න බැහැ...!
sam Thursday, 29 June 2023 08:43 PM
අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්න පුද්ගලයින් වයස අවුරුදු 18 - 45 අතර සියලු දෙනාට ( කාන්තා පිරිමි) අස්වැසුම ප්‍රතිලාභ අතරතුර පුහුණුවක් ලබාදී රැකියාවන් වෙත යොමු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ...
Nimal Friday, 30 June 2023 04:13 PM
ඇත්තටම අස්වැසුම දෙනකොට තමයි අසාධාරණය තේරෙන්නේ...