IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අස්වැසූම දුක්ගැනවිලි බාරගන්නා කාලය දික් කරයි

(සුජිත් හේවාජුලිගේ )

අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ පවුල්වලට සිය දුක්ගැනවිලි ලබන මස 10 දක්වා බාරදීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අභියාචනා සමෘධි සංවර්ධන නිලධාරින්ට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාරදීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

එම සහනාධාර පෙර දුන් ප්‍රමාණයටත් වඩා ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සැබෑ අඩු ආදායම්ලාභී පවුල් මෙම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.

මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් නිලධාරීන් සියලු දෙනා එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවිය යුතු බවත් අඩු ආදායම්ලාභීන් හා විවිධ රෝගවලට ගොදුරු වී ඇති ජනතාව කිසිවකුට මෙම සහනාධාර අහිමි කිරීමට ඉඩ නොතබන බවත් ඔහු පැවසීය.

මේ අතර අස්වැසුම වැඩසටහනින් සැබෑ දුප්පත් විශාල පිරිසක් ඉවත් වී ඇති හැකි පිරිසක් ඇතුළත්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා පෙන්වා දුන්හ.

 



අදහස් (3)

අස්වැසූම දුක්ගැනවිලි බාරගන්නා කාලය දික් කරයි

Lalla Sunday, 25 June 2023 11:18 AM

ආධාර ඉල්ලල උද්ඝෝෂණ කරපු කට්ටිය දැක්කම අපිට අපිගැන දුක හිතෙනව. අලි තඩි පත ශරීර කූඩු ස්මාට් පෝන් සමහර අයගේඅත්වල... . හොඳ ඇඳුම් පැලඳුම්... අහේනියක් පේනවද? තව කට්ටියක් දරුවන් වඩාගෙන.... උදර පෝෂණය බැරි තත්වයක දරුවන් හදන්න පුළුවන්ද? වැඩ කරන ජනතාව තලල මිරිකල බදු අරගෙන නිකම්ම ඉන්න කට්ටියකට බෙදල ආණ්ඩුවේ ඡන්ද පදනම හදන ගමනද අස්වැසුම කියන්නේ.... ගමනක අවසානය විය හැකියි.....

:       0       2

Lalla Monday, 26 June 2023 08:43 AM

බදුගෙවන වැඩ කරන ජනතාවගේ මුදල් දේශපාලන හිතවත්කම මත බෙදන්න ඡන්ද පදනමක් නැති අගමැතිට මොන සදාචාරාත්මක අයිතියද තියෙන්නේ...

:       0       1

S කංචනා Wednesday, 26 March 2025 09:24 PM

අසනිප චුටි බබෙක් ඉන්නවා එත් අපිට නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site