IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අස්වැසුමෙන් බිලියන 11ක් ප්‍රතිලාභී ගිණුම්වලට

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩ වලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනකුගේ බැංකු ගිණුම් වෙත මුදා හැර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවදානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. 03. 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභීන්ට රුපියල් 2500 බැගින් 2023 ජූලි මස 2023. 12. 31 දක්වාත් ගෙවීමට කටයුතු යොදා තිබිණි.

වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවදානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත.

ඒ යටතේ  2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.

එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා සඳහන් කරයි.



අදහස් (3)

අස්වැසුමෙන් බිලියන 11ක් ප්‍රතිලාභී ගිණුම්වලට

රංබොඩ Friday, 28 June 2024 06:16 PM

ණයට අරන් නිකම් දීලා මිනිසුන් නිකමුන් කරනවා. ඔවුන්ට උපයාගන්න මාර්ගයක් තමයි සොයා දිය යුත්තේ. නැත්නම් අතපය හතර තියාගෙන නිකන් ලැබෙන දෙයින් ජීවත් වෙන්න පුරුදු වුණොත් සැමදාම දිළිඳුයි. ලෙඩ රෝග හෝ ආබාධිත අයට නම් කමක් නෑ.

:       0       5

Rohana Saturday, 29 June 2024 06:13 PM

අනුන්ගෙන් යැපෙන අනුන්ට ආවඩන වහල් මානසිකත්වයෙන් දැන්වත් මිදමු.තමන්ට කලහැකි යමකින් ජීවිතය ගොඩනගාගන්න උත්සාහ කරමු. අන්ත දිලින්දන් සදහා සහ ආබාධිත පුද්ගලයන්ට පමනක් පිලිසරනක් වෙමු.

:       0       0

සෙනෙවිරත්න Saturday, 29 June 2024 07:56 PM

තවත් හම්බවෙයි. රට යහපත් කියලා ජනතාව අන්දන්න කරන වැඩ. රටේ බදු සල්ලි වලින් ඡන්ද ගරන එකයි මේ. ඒක නිසා අසාධාරණ බදුවලට එරෙහිව කතා කරන අය වැරදිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site