IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අසාද්ගේ වන්දි පෙත්සම විසි වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප‍්‍රකාශ කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාගෙන් වන්දි අයකර දෙන්නැයි අසාද් සාලි මහතා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද ප‍්‍රතිෙක්‍ෂප කළේය.

අසාද් සාලී මහතාට එරෙහිව මෙම නඩුවට පාදක වු සිද්ධිය පිළිබඳව පොලිසියට ද්වේෂ සහගතව පැමිණිලි කළ හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරුන් වන මොහොමඞ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණි ජයනන්ද වලේබොඩ යන මහත්වරුන්ගෙන් අපරාධ නඩු විධධාන සංග‍්‍රහයේ 17 (2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන්නැයි අසාද් සාලී මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත‍්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එම ඉල්ලීම ප‍්‍රතිෙක්‍ෂප කළේය.

මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප‍්‍රකාශ කළ බවට චෝදනා කරමින් අසාද් සාලි මහතාට එරෙහිව පවරා තිබු නඩුව විභාග කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිුරුවරයා විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.

 



අදහස් (0)

අසාද්ගේ වන්දි පෙත්සම විසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site