IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අවි ජාවාරම්කරු ආපසු දී පැසි පන්දු ක්‍රීඩිකාව මුදා ගැනේ

වසර 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ආපසු රුසියාවට දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු ඇමෙරිකන් පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට ඇමෙරිකන් රජය සමත් විය.

තිස් දෙහැවිරිදි බ්‍රිට්නි ග්‍රයිනර්, ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ඔලිම්පික් ශූරියක ද වෙයි.

පසුගිය පෙබරවාරියේ, පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ඇය රුසියන් පොලිස් අත්අඩංගුවට පත් වූවාය. ඒ, ඇය ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදටය. ඇමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්, රුසියාවේ තහනම්ය. ඒ අනුව ග්‍රයිනර්ට රුසියන් අධිකරණයක් සිරදඬුවම් නියම කෙරුණි.

ග්‍රයිනර් මුදා ගැනීමේ අරමුණින් බයිඩන් පරිපාලනය මැදිහත් වී, රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීය. රුසියාව, පැසිපන්දු ක්‍රීඩිකා ග්‍රයිනර් වෙනුවෙන් ඇමෙරිකන් බන්ධනාගාරයක වසර 12 ක සිරදඬුවම් විදිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ඉල්ලා සිටියේය.

සිරකරු හුවමාරුව සිදුවූය් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය.

ඇමෙරිකන් ඒජන්තවරුන් පෞද්ගලික ගුවන් යානයකින් වික්ටෝර් බවුට් ගෙනැවිත් රුසියන් ඒජන්තවරුන්ට බාර දුන් අතර, රුසියන් ඒජන්තවරුන් ග්‍රයිනර් ගෙනැවිත් ඇමෙරිකන් ඒජන්තවරුන්ට බාර දීම සිදුවිය.

එම කටයුත්තේ දී එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් මෙන්ම සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද මැදිහත් වී කටයුතු කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.

රුසියානු ජාතිකයකු වන වික්ටෝර් බවුට් ලොව ප්‍රසිද්ධතම ගිනි අවි ජාවාරම්කරුය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු බවුට් සිය ගිනි අවි ජාවාරම්වල නියැලුණේය.

2008 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයක සිටිද්දී ආරක්ෂක අංශ බවුට් අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඇමෙරිකාවට උදර්පණය (භාරදීම) කෙරුණි.

(බීබීසී)



අදහස් (2)

අවි ජාවාරම්කරු ආපසු දී පැසි පන්දු ක්‍රීඩිකාව මුදා ගැනේ

පිටිගල මිලානෝ Friday, 09 December 2022 12:39 PM

මම නම් කිසිම ගුවන් ගමනකදී සව්දිය, රුසියාව වැනි රටවල් හරහා යන්නේ නැත.

:       1       4

siripaala Friday, 09 December 2022 04:16 PM

ඉතා අගනා වැඩක්. සතුයි සියලු දෙනාට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site