IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


අවුරුදු තුනකින් නාගරික ගෙවල් පන්දාහක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන විටම පළමු පියවර යටතේ මෙපමණ වැඩ ප්‍රමාණයක් කළ යුතු බව අප තේරුම් ගෙන තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලි සඳහනක් තිබෙනවා.දුප්පත් ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා මූල්‍ය  අරමුදල සමග නැවත සාකච්ඡා කරන බව අප සඳහන් කළා.සහන ලබාදිය යුතු ඉලක්ක සහගත කණ්ඩායම් සඳහා වැඩසටහන් සැකසීමට අප කටයුතු කළා.අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට කටයුතු කළා. සිසුන්  සඳහා වාර ප්‍රවේශ පත් දීමනා වැඩි කළා. සුභසාධන වියදම වැඩි කිරීමට අපි කටයුතු කළා. එක පැත්තකින් අප මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා.ඒ වගේම මූල්‍ය විනය පවත්වා ගැනීමෙන් ලැබුණු ප්‍රතිලාභය ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.මේ වසරේ රැකියා නියුක්තිය සීයට දෙකකින් වැඩි කළා. මේ වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙනවා.අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයේ පව් කරගහගෙන යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

අවුරුදු තුනකින් නාගරික ගෙවල් පන්දාහක්

මැක්ස් Thursday, 09 October 2025 04:21 PM

රණසිංහ ප්‍රේමදාස මහත්තයලා, පීටර් කේනමන් මහත්තයලා ඉන්න තැන්වල ඉඳලා හිනාවෙනවා ඇති මේ විහිලු කතා අහලා. අවුරුදු තුනකින් ගෙවල් පන්දාහක්! අයියෝ සල්ලි!

:       4       10

ගුණරත්න Thursday, 09 October 2025 05:47 PM

හැදුවට කමක් නැහැ... නිකම් දෙන්න හොඳ නැහැ. කෝටි ගාණක් වියදන් මහජන සල්ලි වියදන් කරලා තක්කඩින්ට නිකම් දෙන්න බැහැ.

:       0       7

චතුරි Friday, 10 October 2025 09:47 AM

අවුරුදු තුනක් ඔයාලගෙ ආණ්ඩුව තියෙයිද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site