IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවුරුදු හතක් හදපු ’’බයෝ ගෑස් ’’ අහසට යවලා

(සුජිත් හේවාජුලිගේ)

පරිසර අමාත්‍යාංශයේ සොබාදම් පියස ගොඩනැගිලි පරිශ්‍රයේ ඉදිකෙරුණු ජල පිරිපහදු පද්ධතියෙන් ජීව වායු නිෂ්පාදනය කර භාවිතා කිරීමට අපේක්ෂා කළත් වසර හතකදී එසේ එකතු කරගෙන තිබූ ජීව වායුව කිසිදු කටයුත්තකට යොදා නොගෙන වායුගෝලයට මුදා හැර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

ජීව වායුව නිපදවීම සඳහා සකස් කෙරුණු මෙම අපජල පිරිපහදු පද්ධතිය සඳහා රුපියල් තිස් පන් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙසේ වායුගෝලයට මුදා හැර ඇත්තේ මෙම අපජල පිරිපහදු පද්ධතියෙන් 2017 සැප්තැම්බර් 14 වැනිදා සිට මෙම වර්ෂයේ මාර්තු මස 23 වැනිදා දක්වා නිපදවා තිබූ ජීව වායුව බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම අප ජල පිරිපහදු පද්ධතියෙන් අදාල අරමුණු ඉටුකර ගැනීමට බලධාරීන් කටයුතු කර නොතිබූ බව වාර්තාවෙන් පෙන්වා දෙන විගණන කාර්යාලය සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කරන්නැයි පරිසර අමාත්‍යංශයට නිර්දේශයක්ද කර ඇත .

මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වා ඇති පරිසර අමාත්‍යාංශයේ ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ ජීව වායු ඒකක සිට ආපන ශාලාව දක්වා ජීව වායුව රැගෙන ගොස් පරිහරණය කිරීම සඳහා අවශ්‍ය උපාංග සකස් කරන ලෙසට අදාළ අංශවලට උපදෙස් දී ඇති බවයි.

අමාත්‍යාංශ නිලධාරීන් හා සීඊසීබී ආයතනයේ නියෝජිතයන් අතර 2023 මැයි මස 17 වැනිදා පැවති සාකච්ඡාවකදී ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් එකඟතාව ප්‍රකාශ කර ඇති බවද එම ප්‍රධානීන් එහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

 



අදහස් (2)

අවුරුදු හතක් හදපු ’’බයෝ ගෑස් ’’ අහසට යවලා

Pradeep Kumara Sunday, 16 July 2023 01:04 PM

පුදුම වෙන්න එපා. මේක ලංකාවනේ...

:       0       16

Mangala U Ranasinghe Sunday, 16 July 2023 05:05 PM

මේක ජාතික අපරාධයක් නෙවේ ලෝක අපරාධයක්. ජීව වායුව කියන්නේ මීතේන් වායුව. වායුගෝලය උණුසුම් කරන හරිතාගාර වායුවක්. වෙන රටවල් හරිතාගාර වායු විමෝචනය සඳහා වැට බැඳීමට අවශ්‍ය සියලු කටයුතු කරන්නේ වායුගෝලය උණුසුම් වීම වැළැක්වීමට. පරිසර අමාත්‍යාංශයට සම්බන්ධ මෙවැනි ආයතනයක් ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට දායක වීම ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට දායක වීම පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පරිසර අමාත්‍යංශයට නඩු පැවරිය යුතුයි..

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site